Local

ඉන්දීය උප නාවික හමුදා ප්‍රධානී නිල හමුවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

Saturday, 07 June 2025 - 9:20 pm

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අටවැනි (08) ඉන්දීය හා ශ්‍රී ලංකා වාර්ෂික ආරක්‍ෂක සංවාදය සඳහා, ඉන්දීය ආරක්‍ෂක ලේකම් ශ්‍රී රාජේෂ් කුමාර් සිං (Shri Rajesh Kumar Singh) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය නියෝජිත පිරිස සමඟ දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ උප ප්‍රධානී, වයිස් අද්මිරාල් ක්‍රිෂ්ණා ස්වාමිනාදන් (Vice Admiral Krishna Swaminathan), 2025 ජුනි මස 05 වැනි දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.

ඒ අනුව, ඉන්දීය නාවික හමුදාවේ උප ප්‍රධානී වෙත සම්මාන මුරයක් මඟින් උත්තමාචාර පිරිනමා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, සිදුකෙරුණු මෙම නිල හමුවේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති සහ ඉන්දීය උප නාවික හමුදා ප්‍රධානී අතර දෙරටේ ආරක්‍ෂක සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද අදහස් හුවමාරුවක් සිදුකෙරිණි.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT