Local

වගා නොකළ ඉඩම් වගා කිරීම සඳහා අවශ්‍ය නීති රීති හඳුන්වා දෙනවා – සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්

Wednesday, 22 May 2024 - 8:10 am

සමාජය සවිබලගැන්වීම වෙනුවෙන් ඉඩම තීරණාත්මක සාධකයක් වන බවත් එබැවින් වගා කර නොමැති ඉඩම් වගා කටයුතු සඳහා යොදා ගැනීමට හැකිවන නව නීති හඳුන්වා දීමට කටයුතු කරන බවත් සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් සඳහන් කළේය.

එමෙන්ම සමාජ සවිබලගැන්වීම් උදෙසා අධ්‍යාපන සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට ද කුසලතා හෝ වෘත්තීය විෂය ධාරාවක් ඇතුළත් කිරීමට රජය තීරණය කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය,

සමාජය සවිබලගැන්වීම සඳහා අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති විය යුතු බව අප විසින් ඉදිරිපත් කළ ප්‍රධාන මතවාදයක් ලෙස දැක්විය හැකියි. ඊට අනුව සාමාන්‍ය පෙළ ගණිතය, ආගම සහ භාෂාව වැනි විෂයන් අසමත් වූවත් ඔවුන් විභාගය අසමත්වූවන් ලෙස නොසැලකිය යුතුයි. එබැවින් අ.පො.ස සාමාන්‍ය ‍පෙළ විභාගයේ විෂය මාලාවට කුසලතා හෝ වෘත්තීය විෂය ධාරාවක් ඇතුළත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. එය සමාජය පිළිගත් අදහසක් ලෙස ද හැඳින්විය හැකියි. ඒ අනුව නව වසරේ සිට එය ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව කුසලතා පූර්ණ වෘත්තිකයෙකු බිහි කිරීමට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියේ දී සිදුවන බව සඳහන් කළ යුතුයි.

ඒ වගේම දිවයිනේ විවිධ ප්‍රදේශවල වගා නොකරන ලද ඉඩම් රැසක් ඇති බවට අප විසින් හඳුනාගෙන තිබෙනවා. ඒවා වගා කටයුතු සඳහා යොදා ගත යුතුයි. ඒ සමාජය සවි බලගැන්වීම වෙනුවෙන් ඉඩම තීරණාත්මක සාධකයක් වන නිසයි. එබැවින් වගාවට සුදුසු නමුත් මෙතෙක් වගා කටයතු සිදුකර නොමැති ඉඩම් වගා කටයුතු සඳහා යොදා ගැනීමට හැකිවන ආකාරයේ නව නීති හඳුන්වා දීමට ද කටයුතු කරනවා.

එමෙන්ම මුළු රටම සවිබල ගැන්වීම සඳහා සැමට විශ්‍රාම වැටුපක් ලබාදිය යුතුය යන්න අපගේ ස්ථාවරයයි. ඒ සඳහා රාජ්‍ය හා පුද්ගලික අංශයේ පමණක් නොව ස්වයං රැකියා කරන සියලූ දෙනාට ද දායකත්ව විශ්‍රාම වැටුපක් යෝජනා කරනවා. එලෙසම ව්‍යවසායක රාජ්‍යයක් බිහිකර ගැනීමට ද අප කැපවිය යුතුයි. ඊට සමඟාමීව සැමට වෘත්තීය අධ්‍යාපනය ද ලැබිය යුතුයි. රට සංවර්ධනය කර ඉදිරියට ගෙනයාමට මෙම කටයුතු සිදුකල යුතුයි.

තවද පෙර පාසල් ගුරුවරුන් සවිබලගැන්වීම සඳහා “ලියසවිය වැඩසටහන” අප දියත් කර තිබෙනවා. ඒ වගේම අස්වැසුම ප්‍රතිලාභීන් අතුරින් පවුල් ලක්ෂ 12ක් සවිබල ගැන්වීම අපගේ ප්‍රධාන අරමුණක් වී තිබෙනවා. ඒ සඳහා මේ වසර තුළ පවුල් ලක්ෂ 03ක් සවිබල ගැන්විය යුතුයි. ඊට අවශ්‍ය ලේඛන 188,000ක් පමණ සකස් කර තිබෙනවා. එහිදී ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ පවුල් 10,000ක් සහ ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතිය යටතේ පවුල් 16,000ක් සවිබලගැන්වීම සඳහා අවශ්‍ය ලේඛන සකස් කර අවසන් කර තිබෙනවා. ඒ වෙනුවෙන් නිළධාරීන් පුහුණු කිරීම ද මේ මාසයේ අවසන් කරනවා.

තවද තරුණ සේවා සභාව, පොල් සංවර්ධන මණ්ඩලය සහ කුඩා තේවතු සංවර්ධන අධිකාරිය සමඟ එක්ව සිදුකරන සමාජ සවිබල ගැන්වීමේ වැඩසටහන් රැසක් ලබන මාසයේ දී ආරම්භ කරනවා. මේ සියල්ල හරහා නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමට බලාපොරොත්තු වනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT