Local

75වැනි ඉන්දීය ජනරජ දිනය සැමරේ

Friday, 26 January 2024 - 7:06 pm

කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් 75 වැනි ඉන්දීය ජනරජ දිනය අද(26) සමරන ලදී.

ලොව විශාලතම ලිඛිත ව්‍යවස්ථාව වන ඉන්දියානු ව්‍යවස්ථාව බලාත්මක කෙරුණේ 1950 වර්ෂයේ ජනවාරි 26 වන දිනය. ව්‍යවස්ථාවේ පූර්විකාව ඉන්දියාව සෛවරී, සමාජවාදී, නිරාගමික, ප්‍රජාතාන්ත්‍රික ජනරජයක් බව ප්‍රකාශ කරයි.

ජනරජ දින සැමරුමේ දී මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සිය නිල නිවස වන ඉන්දියා හවුස් හිදි ඉන්දීය ජාතික ධජය එසවූ අතර හමුදා උත්තමාචාර නිරීක්ෂණය කළේය. ජනරජ දිනය නිමිත්තෙන් ඉන්දීය ජනාධිපතිතුමාගේ කථාව ද එතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් ගීත ඉදිරිපත් කළ අතර මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද සංස්කෘතික වැඩසටහනක් ද පැවැත්විණ. මෙම සංස්කෘතික වැඩසටහන සඳහා ඉන්දියාවේ පොහොසත් විවිධත්වය ගෙන හැර දක්වමින් විවිධ ජන නර්තනාංග ඇතුළත් විය. යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශිත මනුෂ්‍ය වර්ගයාගේ අස්පෘශ්‍ය සංස්කෘතික උරුම ලැයිස්තුවට එක් වූ ඉන්දියාවේ නවතම උරුමය වන ගුජරාටයේ ගර්බා නර්තනය ද මෙම සංස්කෘතික වැඩසටහනට ඇතුළත් විය. ඉන්දීය ප්‍රජාවේ සාමාජිකයන් රැසක් මෙම උත්සවයට සහභාගී වූහ.

උදෑසන මහ කොමසාරිස්තුමා ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය අභියස දී මියගිය ඉන්දීය සාම සාධක හමුදාවේ රණවිරුවන් සඳහා සිය උපහාරය පුද කළේය.

මෙදින සන්ධ්‍යාවේ ඉන්දියා හවුස් හිදි ප්‍රිය සම්භාෂණයක් පැවැත්වෙනු ඇත. විවිධ ක්ෂේත්‍රවල සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිත ය.

මෙම ජනරජ දිනය වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 ජුලි මාසයේදී සිදු කරන ලද ඉන්දීය සංචාරය අතරතුර එතුමා සහ අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා විසින් එකඟ වන ලද ඉන්දියා – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම සය මාසයකට වැඩි කාලයක් ඉක්ම ගොස් තිබේ. පොදු සහ තිරසාර ආර්ථික සෞභාග්‍යය උදෙසා ප්‍රධානතම සබලකාරකය ලෙස හඳුනාගෙන ඇති සම්බන්ධකතාවය සියලු පැතිකඩ ඔස්සේ ඉහළ නැංවීම සඳහා දෙපාර්ශ්වයම තවදුරටත් කටයුතු කරනු ඇත.

හම්බන්තොට සහ යාපනය ඉන්දියානු කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය සහ මහනුවර සහකාර මහ කොමසාරිස් කාර්යාලය ද 75 වන ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් විශේෂ වැඩසටහන් රැසක් සංවිධාන කර තිබිණ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT