Local

ශ්‍රී ලංකාවට අයිති මුහුදු ප්‍රදේශය තවත් වැඩි වෙයි ද?

Tuesday, 16 January 2024 - 7:13 pm

විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වන ජාතික සමුද්‍රීය කටයුතු පිළිබඳ ලේකම් කාර්යාලයට අදාළ කටයුතු පිළිබඳව පසුගියදා(09) රැස්වූ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුතු කමිටුව එදින රැස්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී ජාතික සමුද්‍රීය කටයුතු පිළිබඳ ලේකම් කාර්යාලයේ කාර්යභාරය, මුහුණ දීමට සිදුව ඇති අභියෝග සහ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා විය.

මෙහිදී අදහස් දැක්වූ එම ලේකම් කාර්යාලයේ වත්මන් සභාපති ආචාර්ය එන්.පී විජයානන්ද මහතා ප්‍රකාශකර සිටියේ මෙරට ගොඩබිම සිට නාවික සැතපුම් 200 ක් වන අනන්‍ය ආර්ථික කලාපයටත් එහා තවත් නාවික සැතපුම් 250 කට දිවෙන මුහුදු ප්‍රදේශයක් මෙරට ආර්ථික කටුයුතු සදහා යොදා ගැනීමේ හැකියාව පවතින බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාගර නීතිය සම්බන්ධ ප්‍රඥප්තියට අනුව කලාපීය රටවල එකඟත්වය ඒ සදහා අවශ්‍ය බැවින් ඉන්දියාව ඇතුළු කලාපීය අනෙකුත් රටවල් සමග සාකච්ඡා තවදුරටත් සිදු කරමින් පවතින බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. ඉන්ධන ගවේෂණය, ජෛව විවිධත්වය ඇතුළු කරුණු නිසා මෙම සාගර කලාපය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බවද මෙහිදී සාකච්ඡා විය.

මේ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ද සම්බන්ධීකරණයෙන් මෙම කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා මේ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.

කාරක සභා සාමාජික මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ, එස්.එම්.එම් මුෂාරෆ් යන මහත්වරුද විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරි පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 
 
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT