Local

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවලට මැදිහත් වූ බාහිර පුද්ගලයෙක් ගැන CID විමර්ශන ආරම්භ කරයි

Saturday, 22 March 2025 - 1:52 pm

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවලට මැදිහත් වූ බාහිර පුද්ගලයෙක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍යවරුන්ගේ පෞද්ගලික ලිපිගොනු පරීක්ෂා කරමින්, වෛද්‍යවරයකු හෝ සෞඛ්‍ය සේවකයකු නොවන අදාළ පුද්ගලයා ස්ථාන මාරුවලට මැදිහත් වී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව වෛද්‍යවරුන්ගෙන් ලැබුණු පැමිණිලි කිහිපයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, අදාළ පුද්ගලයාගෙන් ඊයේ (20) ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා වසර 10කට ආසන්න කාලයක් මෙසේ වෛද්‍යවරුන්ගේ රාජකාරි කටයුතුවලට මැදිහත් වී ඇති බවත්, ඔහුට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙනම රාජකාරි කාමරයක් ද වෙන්කර දී ඇති බවටත් අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT