Local

ඔක්තෝ­බරයේ විදුලිය බිල අඩු කිරීමට හැකි පසුබිමක් තිබෙනවා

Thursday, 22 August 2024 - 9:49 am

අඛණ්ඩ විදුලිය සැපයුමට ඉතිහාසය පුරාම බාධා කළේ ජවිපෙයි –ඇමැති කංචන විජේසේකර

බලශක්තිය, විදුලි බිල, ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්තිය පිළිබඳ ඕනෑම විවාදයකට තමා සූදානම් බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ බලාගාර ඉදිකිරීම අවහිර කරමින්, ඒවා දේශපාලන ප්‍රශ්න බවට පත් කරගෙන කළ බාධා හරහා රටේ බලශක්ති ක්ෂේත්‍රය අර්බුදයකට ගිය බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි. ඉල්ලුමට අනුව අඛණ්ඩ විදුලිබල සැපයුමකට අවශ්‍ය නව බලාගාර ඉදිකිරීමේදී ඉතිහාසය පුරා බාධා කළේ ජනතා විමුක්ති පෙරමුණ හා ඔවුන්ගේ වෘත්තීය සමිති යැයි ඇමැති කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

ඒ මහතා එසේ පැවසුවේ පෙරේදා (20) කොළඹ පැවති ‟පුළුවන් ශ්‍රී ලංකාÓ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඇමැති කංචන විජේසේකර මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

අපේ රටේ විදුලිබල අර්බුදයට හේතු වුණු දේශපාලන කණ්ඩායම් හිටියා.මිලදී ගැනීම් කරගන්න බැරිව පැය 16ක් විදුලිය කප්පාදු කළේ ආර්ථික අර්බුදය නිසා. යුක්රේන රුසියානු යුද තත්ත්වයත් එක්ක ශීඝ්‍රයෙන් දැවි තෙල් හා ඉන්ධන මිල ඉහළයෑම නිසා පිරිවැය වෙනදාට වැඩිය දරන්න සිදු වුණා. ඩොලරයේ මිල ඉහළයෑමෙන් පිරිවැය වැඩිවීම නිසා අපේ ජනන සැලසුමේ පහසුකම් තිබුණත්, පිරිවැය පාලනය කරගන්න බැරිවුණු නිසා විදුලිය ලබාදීමට නොහැකි වී තිබුණා. අපට කරන්න තිබුණු අමාරුම, අසීරුම, නිවැරදිම තීන්දුව තමයි ඒ අවස්ථාවේ පිරිවැය ගැළපෙන ආකාරයේ මිල සූත්‍රයක් හඳුන්වා දෙමින් අඛණ්ඩ විදුලිය ලබාදීමක් සිදු කරන එක.

ජනාධිපතිවරයෙක්, ආණ්ඩුවක් පත්වෙන්නේ අමාරු, අසීරු, නිවැරදි තීන්දු තීරණ ගැනීමටයි. එවැනි නිවැරදි තීන්දු ගැනීම නිසා අඛණ්ඩ විදුලිබල සැපයුමක් සහතික කරන්න පුළුවන් වුණා. ඒ වගේම රටට බරක් වෙලා තිබූ විදුලිබල මණ්ඩලයේ ගැටලු විසඳා ගන්නත් පුළුවන් වුණා. පිරිවැය ආවරණය කිරීම කියන එක විදුලිබල මණ්ඩලය ලාබ ගන්න කරන දෙයක් නෙවෙයි.

විදුලි පාරිභෝගිකයන්ට එක පැත්තකින් විදුලිය ලබාදෙන්න බැරි වුණා වගේම පුනර්ජනනීය සැපයුම්කරුවන්ට බලාගාර පවත්වාගෙන යමින් බලාගාරවලින් විදුලිය ලබාදෙන පාර්ශ්වකරුවන්ට, දේශීය සැපයුම්කරුවන්ට මුදල් ගෙවන්න බැරිවෙලා තිබුණා. ඒ විතරක් නෙවෙයි,අපේ ප්‍රධානම රාජ්‍ය බැංකු දෙක රුපියල් බිලියන 300කට වැඩිය ණය බරක් මේ ආයතනය නිසා දරා ගැනීමට සිදුවුණා. ඒ සිදුවීම කළමනාකරණය කරගත්තේ නැතිනම් රාජ්‍ය බැංකු දෙකත් කඩා වැටෙන තත්ත්වයට පත්වෙනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විශාල වශයෙන් ණය බරක හිරවෙලා තිබුණා. විදුලිබල මණ්ඩලය ගෙවිය යුතු මුදල් නිසා ශ්‍රී ලංකන් ආයතනය වගේ ආයතන ගණනාවක් මේ තත්ත්වයට මුහුණ දී තිබුණා. පහුගිය අවුරුදු දෙකේ ගත් තීන්දු තීරණ නිසා විදුලි බලය අඛණ්ඩ සැපයුමක් ලබා දෙන්න පුළුවන් වුණා වගේම ජල විදුලි බලාගාරවල දේශීය සැපයුම්කරුවන්ට ගෙවන්න, බැංකු ආරක්ෂා කරන්න හැකි වුණා. ඩොලරයේ අගය අඩුවීම නිසා විදුලි පිරිවැයත් එන්න එන්න අඩු කරගන්න පුළුවන් වුණා.

අනුර කුමාර දිසානානායක මහතා කියනවා අපේ විදුලි පිරිවැය තව අඩු කරන්න නම් අඩු වියදම් බලාගාර ඉදිකරන්න ඕනෑලු. හැම රජයක්ම ප්‍රතිපත්ති සකස් කරගෙන ආවේ මේ කටයුත්තටයි. සූර්ය බලාගාර, සුළං බලාගාර ඇතුළු නව විදුලි බලාගාර ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය රාමුව, නීති රාමුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කර මේ වන විටත් වැඩපිළිවෙළ ගණනාවක් සිදුකරගෙන යනවා. හැම රජයක්ම ආරම්භ කරපු ව්‍යාපෘතියක් නැවතුණානම්, ඒක නවත්වන්න කටයුතු කළේ ජනතා විමුක්ති පෙරමුණ හා ඔවුන්ගේ වෘත්තීය සමිති. සම්පූර් බලාගාරය යෝජනා කරන අවස්ථාවේ පරිසර සංවිධාන විරුද්ධ වුණා. විරෝධතා නිසා උමා ඔය ව්‍යාපෘතිය අවුරුදු හතක් ප්‍රමාද වුණා. ඕනෑම ව්‍යාපෘතියක් කිරීමේදී යම් පරිසර බලපෑමක් සිදුවෙනවා. ඒවා කළමනාකරණය කරන එකයි අපි කරන්න ඕනෑ.

විදුලිබල මණ්ඩලය 2012 වසරේ රුපියල් බිලියන 300කට ආසන්න අලාභයක් ලැබුවා. ඒ අලාභය පියවා ගන්න මහා භාණ්ඩාගාරයේ මැදිහත් වී මුදල් ලබා දෙන්නේ නැහැ. ඒ අලාභය කියන්නේ විදුලිබල මණ්ඩලය ගෙවන්න තිබෙන මුදල්. බැංකුවලට ගෙවන්නේ නැත්නම් සැපයුම්කරුවන්ට ගෙවන්නේ නැත්නම් විදුලිය ලබාදීපු සූර්යපැනල සවි කරගෙන ඉන්න පාරිභෝගිකයන්ට ගෙවන්නේ නැත්නම්, සෝලා සුළං බලාගාරවල සපයලා තිබෙන විදුලියට ගෙවන්නේ නැත්නම්, කුඩා ජලවිදුලි බලාගාර සැපයූ සේවාවලට ගෙවන්නේ නැත්නම් ඔවුන්ගේ සේවා පවත්වාගෙන යන්න නොහැකි වෙනවා.ඔවුනුත් ණය අරගෙනයි මේ සේවා පවත්වාගෙන යන්නේ.එහෙම වුණොත් විශාල කොටසක් අපේ ජනන පද්ධතියෙන් ඉවත් වෙනවා. එහෙම වුණොත් වැඩි මුදලට විදුලිය මිලදී ගන්න වෙනවා. විදුලි බිල, ඉන්ධන මිල වැඩි කරන්න හේතුවීම ගැන අපි බරපතළ ලෙස කනගාටු වෙනවා.

නමුත් කාලයක් පුරා බලාගාර ඉදිකිරීමට කළ අවහිර කිරීම්, දේශපාලන ප්‍රශ්න බවට පත් කරගෙන කරපු බාධා කිරීම් හරහා රටේ බලශක්ති ක්ෂේත්‍රය අර්බුදයකට ගිහින් තිබෙනවා. 2022 ජූලි මාසයේ සිට රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය යටතේ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ තවත් අවුරුද්දක් දෙකක් ඉදිරියට යනවා නම් තව මීට වැඩිය වැඩි සහනයක් ජනතාවට දෙන්න පුළුවන්. වර්ෂාපතනය ලැබීම නිසා ඔක්තෝම්බර් මාසයේ මිල සංශෝධනයේදී අපිට යම් අඩු කිරීමක් කරන්න පුළුවන් පසුබිමක් තිබෙනවායැයිද පැවසීය.


Top Stories
wedivistara

වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසල් දින 03 ක් වැසෙයි

wedivistara

නීතිඥ කාමරයේ තිබූ ලැප්ටොප් එක උස්සලා

wedivistara

FitsAir ගුවන් සමාගම, ව්‍යාපාරික පන්තිය හඳුන්වා දෙයි

wedivistara

Hayleys Solar Powers වෙළෙඳපොළට හඳුන්වා දෙයි

wedivistara

තොරතුරු තාක්ෂණය ආර්ථිකයේ ප්‍රමුඛ අපේක්ෂාවක්

wedivistara

කෝටි දෙකක මංකොල්ලයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT