Local

ආර්.එස්. ජයසිංහ මහතා ගේ ප්‍රවීණ භාෂා උපදේශක සේවය ජනපති අගයයි

Tuesday, 02 July 2024 - 7:33 am

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය සේවයේ වසර හැටක (60) දීර්ඝ සේවා කාලයක් සාර්ථකව නිම කිරීම වෙනුවෙන් ප්‍රවීණ භාෂා උපදේශක ආර්.එස්. ජයසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇගයීමට ලක්විය.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රවීණ භාෂා උපදේශක ආර්.එස්. ජයසිංහ මහතාගේ සේවය අගයමින් ලිපියක් ප්‍රදානය කිරීම අමාත්‍ය මණ්ඩල රැස්වීම ආරම්භ වීමට පෙර ජනාධිපති කාර්යාලයේදී අද (01) පස්වරුවේ සිදු විය.

ප්‍රවීණ භාෂා උපදේශක ආර්.එස්. ජයසිංහ මහතා 1961 අගෝස්තු මස 01 වන දින මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවයට එක්වී ඇති අතර 1974 ජූලි 03 වැනි දින අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ භාෂා උපදේශකවරයකු ලෙස පත්වී තිබේ.

ඒ අනුව 2024 ජුලි 03 වැනි දිනට ඔහු අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ වසර පනහක (50) සේවා කාලයක් සම්පූර්ණ කර ඇත.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT