Sports

ඉන්දියාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පළමු තැන රැකගනියි

Wednesday, 02 October 2024 - 1:23 pm

සංචාරක බංග්ලාදේශයට එරෙහිව ඉන්දියාවේ කාන්පූර්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉන්දියාව කඩුලු 7කින් ජයගත්තේය. ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සිය ස්ථානය රැකගැනීමට සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ෂර්මා පන්දුවට පහරදීමට බංග්ලාදේශයට ඇරයුම් කළේය.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශයට පළමු ඉනිමට ලබාගත හැකි වූයේ ලකුණු 233ක් පමණි. බංග්ලාදේශයේ කඩුලු බිඳ දැමීමේදී ඉන්දීය පන්දු යවන ජස්ප්‍රිට් බුම්රා කඩුලු 03ක්ද රවිචන්ද්‍රන් අශ්වින්, මොහොමඩ් සිරාජ්, ආකාෂ්දීප් කඩුලු 02ක බැගින්ද බිඳ හෙලූහ.

සිය පළමු ඉනිම වෙනුවෙන් පිතිකරණය ඇරඹූ ඉන්දියාව ලකුණු 285ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. ඒ වනවිට ඉන්දියාව කඩුලු 9ක් දැවී තිබුණි.

ඉන්දියාව කාන්පූර්හිදී සුවිශේෂී වාර්තා දෙකක්ද අලුත් කිරීමට සමත්විය. ඒ ටෙස්ට් ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් වාර්තා කළ වේගවත්ම ශතකය හා වේගවත්ම අර්ධ ශතකය ලබාගනිමින් ඔවුන් වාර්තා අලුත් කළේය. ඉන්දියාව පන්දුවාර 10.1කින් ලකුණු 100යේ සීමාව පසුකර ගියේ ඔවුන් මීට පෙර තබා තිබූ වාර්තාව අලුත් කරමිනි. දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදීමට පැමිණි බංග්ලාදේශයට ලබාගත හැකිවූයේ ලකුණු 146ක් පමණි.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 94ක පහසු ඉලක්කයක් හඹාගිය ඉන්දියාව කඩුලු 3ක් දැවී විශිෂ්ට ජයග්‍රහණයක් තහවුරු කළේය. තරගයේ වීරයා සම්මානය යශස්වි ජයිස්වාල් සහ තරගාවලියේ වීරයා සම්මානය රවි චන්ද්‍රන් අශ්වින්ට හිමි විය. ඒ අනුව තරග 02කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස ඉන්දීය කණ්ඩායම ජයගත් අතර ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ සිය පළමු ස්ථානය තහවුරුකර ගත්තේය.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT