Local

දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිය 21 දා

Tuesday, 12 November 2024 - 2:31 pm

නවක මන්ත්‍රීවරුන් තෝරාගැනීම සඳහා ලබන 14 වනදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසුව දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වීමට නියමිතව තිබෙනවා.

එහිදී මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන් 196 ක් හා ජාතික ලැයිස්තුවෙන් පත්කර ගන්නා මන්ත්‍රීවරුන් 29 දෙනෙකුද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරු සංඛ්‍යාව 225 තෝරාගනු ලබනවා ඇති.

මෙසේ තේරී පත්වන මන්ත්‍රීවරුන් සහභාගීවන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය අනුව ලබන 21 වනදා ආරම්භ වීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ පළමු සභා වාරයේ පළමු දිනය ඉතා වැදගත් වන අතර එම පළමු දිනයේදී සභා ගර්භයේ කටයුතුවල ප්‍රධාන වගකීම් පැවරෙන්නේ පාර්ලිමේන්තුවේ මහලේකම් වරිය වෙත බව සඳහන්.

පළමු දිනයේදී මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙළක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමට හිමිවනවා.

සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන දිනය හා වේලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ඇති විශේෂ ගැසට් නිවේදනය මහලේකම්වරිය විසින් දිනයේ පළමු කාර්යය ලෙස සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුරුව අනුපිළිවෙළින් කථානායකවරයා පත්කරගැනීම ඇතුළු කථානායක නිල ප්‍රතිඥාව හා දිවුරුම් ලබාදීම, තේරීපත්වූ මන්ත්‍රීවරුන් නිල ප්‍රතිඥාව හා දිවුරුම් ලබාදීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරු පත්කරගැනීම එහිදී සිදුවීමට නියමිතව තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT