Local

අපේක්ෂක ලැයිස්තුවේ කතුන් නැති වීම ගැන ගීතා වික්ෂෝපයෙන්

Friday, 16 August 2024 - 7:15 am

ජනාධිපතිවරණය සඳහා කාන්තා නියෝජනයක් නැති වීම දැඩි කනගාටුවට කරුණක් බව පෙන්වා දෙමින් කාන්තා නියෝජනයක් නැති ජනපති ධුර අපේක්ෂක ලැයිස්තුව හබලක් නැති ඔරුවක් වැනි යැයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැති ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.

මෙවර ජනපතිවරණය සඳහා මිලියන 17.1ක ඡන්ද දායකයන් පිරිසක් සිටින බවත් ඒ අතරින් ලක්ෂ 12කට ආසන්න පිරිසක්ම සිටින්නේ ලාංකේය පළමු ඡන්ද ප්‍රකාශිත හිමියන් බවත් ඇය පවසන්නීය.

මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් කොතරම් පම්පෝරි ගැසුවත් ජනාධිපතිවරණය සඳහා කාන්තා නියෝජනයකට ඉඩදී නොමැති වීම දැඩි කනගාටුවට කරුණක් බව රජ්‍ය ඇමැතිවරිය පවසන්නීය.

පාර්ලිමේන්තුවේදී පවා උජාරුවෙන් පක්ෂ නායකයන් කාන්තාවන්ට නිසි තැන සම තැන දිය යුතු යැයි කතා කළ ද පාර්ලිමේන්තුවේ ද 6% අඩු කාන්තා නියෝජනයක් සිටින බවත් ඇය පැවසුවාය.

රටක system change එකක් විය යුතු නම් පළමුව කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සියලු පක්ෂ නායකයන් මීට වඩා උනන්දු විය යුතු බව ද ඇය කියන්නීය. මෙවර ද කාන්තා නියෝජනයක් නැති ජනපති ධුර අපේක්ෂක ලැයිස්තුව හබලක් නැති ඔරුවක් වැනි බවත් දේශපාලන නායකයන් කාන්තාව බංකොලොත් කර විනාශ කර ඇති බවත් ඇය අවධාරණය කළාය.

ජයග්‍රහණයේදී මෙන්ම තම ආරක්ෂාව උදෙසා ද තියුණු අසිපතක් ලෙස පක්ෂ නායකයන් යොදා ගන්නා කාන්තාව ජයග්‍රහණයෙන් පසු ජයග්‍රාහී මාවත විවර වෙද්දී හොදි වෑංජනයට යොදන කරපිංචා කොළයක් ලෙස ඉවත දැමීමට පුරුදුව ඇති බව ද ඇය කීවාය. මෙවැනි පුරුදු සදාචාරාත්මක, ගුණගරුක සමාජයක් බිහි කිරීමට පැමිණෙන කිසිදු නායකයකුට උචිත නොවන බවත් ලොවක් සෑදී ඇත්තේ කාන්තාවක් මුල් කොටගත් උතුම් මවු පදවියෙන් බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

ඇය මේ බව සඳහන් කරනු ලැබුවේ මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් අතර කාන්තාවක් නැති වීම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් කොළඹදී පවත්වමිනි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT