Local

මෙරට ප්‍රථම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණු පාසල කළුතර දී විවෘත වේ

Tuesday, 30 July 2024 - 9:52 am

මෙරට ප්‍රථම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණු පාසල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දී විවෘත කෙරිණි. එයට අමතරව දුරස්ථ අධ්‍යාපන ඒකකය ද ලේකම්වරයා අතින් විවෘත විය.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයට අවශ්‍ය මානව හා භෞතික සම්පත් සංවර්ධනය කරමින් මෙරටට අවශ්‍ය සෞඛ්‍ය වෘත්තිකයන් රට තුළ නිර්මාණය කර ගැනීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ විශේෂ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙනයනු ලබන විශේෂ වැඩපිළිවෙළට සමගාමීව මෙම නව පුහුණු පාසල ස්ථාපිත කෙරිණි.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී ප්‍රධාන පුහුණු පාසල ලෙස කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ස්ථාපිත පුහුණු පාසල ක්‍රියාත්මක වන අතර එයට අමතරව අනුරාධපුර, කඩුගන්නාව, කුරුණෑගල, මඩකලපුව යන ප්‍රදේශවල පළාත් මට්ටමින් පුහුණු මධ්‍යස්ථාන 04ක ද, කොළඹ ද සොයිසා කාන්තා රෝහල, හම්බන්තොට ශික්ෂණ රෝහල, දියතලාව මූලික රෝහල, කහවත්ත මූලික රෝහල, මහමෝදර රෝහල යන රජයේ රෝහල්වලට අනුබද්ධව තවත් පුහුණු මධ්‍යස්ථාන 05කද සහ කොළඹ නාරාහේන්පිට ET& R අංශයේ අධීක්ෂණය යටතේ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ද සායනික පුහුණු කටයුතු මෙයට සමගාමීව ආරම්භ කරන ලදී.

මෙම විශේෂ ව්‍යාපෘතිය සම්බන්ධීකරණය, මඟපෙන්වීම හා ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශය මගින් සිදුකර ඇත.

මෙම පුහුණු මධ්‍යස්ථාන 11 තුළින් වසරකට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දහසක් පුහුණු කර මෙරට සෞඛ්‍ය පද්ධතියට එක්කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණ වේ. මෙතෙක් එම පුහුණුව හෙද පුහුණු පාසල් තුළින් ලබාදීමට කටයුතු කර තිබිණි.

ධර්මසේන වැලිපිටිය


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT