රට තුළ ගබඩා කර ඇති වී තොග පිළිබඳව සමීක්ෂණයක් ආරම්භ කල බව කෘෂිකර්ම අමාත්යංශය පවසයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් ඒ සඳහා අනියුක්ත කර තිබේ.
බහුල ලෙස වී ගබඩා කර ඇති පොලොන්නරුව, අනුරාධපුර සහ අම්පාර දිස්ත්රික්ක වල වී ගබඩා මේ යටතේ විශේෂ පරීක්ෂාවට ලක්කරන බව පැවසීය.
එහි වාර්තාව ලබන සඳුදා (28) ජනාධිපතිවරයාට බාරදීමට නියමිත බව කෘෂිකර්ම අමාත්යංශය වැඩිදුරටත් පවසයි.