Local

අස්වැසුම ප්‍රතිලාභ ලක්ෂ 15කට ගෙවා අවසන් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

Monday, 04 March 2024 - 8:26 am

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන යටතේ ප්‍රථමයෙන්ම තෝරා ගත් ලක්ෂ විස්සක ප්‍රතිලාභීන් සංඛ්‍යාවෙන් ලක්ෂ පහළොවකට මේ වන විට ප්‍රතිලාභ ගෙවා අවසන් බවත්, ඉතිරි ප්‍රතිලාභීන්ට ඉදිරි මාස කිහිපයේදී ප්‍රතිලාභ ගෙවා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය. රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේ පෙරේදා (02) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන ශක්තිමත් යන්ත්‍රණයක් බවට පත් කර දිළිඳුම පවුල් තෝරාගෙන ප්‍රතිලාභ ගෙවීමටත්, ලක්ෂ විස්සක් වූ ප්‍රතිලාභී සංඛ්‍යාව ලක්ෂ විසි හතරක් දක්වා වැඩි කිරීමටත් කටයුතු කරනවා. මේ අස්වැසුම ප්‍රතිලාභ හිමි කරගැනීමට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ පුද්ගලයන් හත්දහසක් පමණ දෙනකු හඳුනාගෙන තිබෙනවා. එම ප්‍රතිලාභ හිමි කර ගත් පුද්ගලයන් වෙනුවෙන් පනතට අනුව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා.

ජනප්‍රිය තීන්දු තීරණ වෙනුවට නිවැරදි ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකින් ලෝක අර්බුදයක් හමුවේ ද රටේ අනාගතය තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සංවාද ඇතිවීම යහපත් කරුණක්. එයින් යහපත් තීරණ ගැනීමට හැකියාව පවතිනවා. මෙහිදී රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන විනිවිදභාවය ආරක්ෂා කිරීමට රජය බැඳී සිටිනවා.”


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT