වාහනවල සවි කර ඇති උපකරණ සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව නීති විරෝධී ලෙස දැල්වෙන විවිධ වර්ණ සහිත බල්බ්, විවිධ නාද රටා නළා ඇතුළු අමතර සවිකිරීම් කර ඇති වාහන සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කරන ලෙසයි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.
වාහන පරික්ෂා කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.