Local

ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

Tuesday, 24 September 2024 - 8:42 pm

දේශපාලනමය, සමාජයීය සහ ආර්ථිකමය වශයෙන් රට තුළ ඇති දූෂිත සංස්කෘතිය මින් ඉදිරියට තුරන් වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

මෙරට 9වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒ බව පැවසීය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වැඩබලන සභාපති ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක ඒ බව දැක්වෙයි.

එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, 

'නව ජනාධිපතිවරයාට විධායක ජනාධිපති ධූරයේ කාර්යයන් සහ කර්තව්‍යයන් නොපිරිහෙළා ඉටු කිරීම පිණිස ශක්තිය ධෛර්යය ලැබේවායි ද ප්‍රර්ථනා කරමු.'

'නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය බාධා රහිතව පවත්වාගෙන යනු ඇතැයි නව ජනාධිපති කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය එතුමන් විසින් රැක ගනු ඇතැයි ද, අකාර්යක්ෂම රාජ්‍ය පරිපාලනය සහ මෙතෙක් අප මාතෘ භූමිය පුරා පැතිරී තිබූ දේශපාලනමය, සමාජයීය සහ ආර්ථිකමය වශයෙන් සිදුවී ඇති දූෂිත සංස්කෘතිය මින් ඉදිරියට තුරන් වනු ඇතැයි ද අප අපේක්ෂා කරමු.'

'එමෙන්ම, විටින්විට අප නිජබිමට බෙහෙවින් අහිතකර ලෙස බලපෑ ජාතීන් අතර වෙනස්කම් මින් ඉදිරියට ඇති නොවන පරිදි ශ්‍රී ලාංකීය ප්‍රජාව එක්සේසත් කිරීමේ මහඟු කාර්යය සඳහාත්, ජාති, ආගම්, කුලභේදවලින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහාත් ශක්තිමත් පදනමක් තැබීමට ජනාධිපතිතුමන් හට හැකි වනු ඇතැයි අප අපේක්ෂා කරමු.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT