Local

මහනුවර ප්‍රදේශ කිහිපයකට පැය 65ක ජල කප්පාදුවක්

Wednesday, 25 September 2024 - 8:09 pm

ලබන 28 වැනිදා පැය 65ක කාලයක් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙනවා.

පොල්ගොල්ල ජලාශයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අලුයම 1.00 සිට 30වැනි දින පස්වරු 6.00 දක්වා මෙලෙස අත්හිටුවනු ඇති.

ඒ අනුව මහනුවර නගර සභා බල ප්‍රදේශය, හාරිස්පත්තුව , පූජාපිටිය , පාතදුම්බර සහ අකුරණ ජල සම්පාදන කුමවලට අයත් ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබනවා.

එමෙන්ම කුණ්ඩලසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රජවැල්ල , සිරිමල්වත්ත, අම්පිටිය,අමුණූගම, හන්තාන සහ වලල යන ප්‍රදේශවල මෙන්ම විසල් මහනුව ජල පවිත්‍රාගාරයෙන් ජලය බෙදාහරින මාවතගම ප්‍රදේශයටද ජල සැපයුම අත්හිටුවෙන බව එම මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 1939 දුරකතන අංකයෙන් විමසීමක් කළ හැකි බවද ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT