Local

දුම්රිය නියාමක සංගමය සිකුරාදා සිට සංකේත වැඩ වර්ජනයකට සූදානම් වෙයි

Tuesday, 17 June 2025 - 5:02 pm

දීර්ඝකාලීනව නොවිසඳුනු පරිපාලන ගැටලු මුල් කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට තීරණය කළ බව ලංකා දුම්රිය නියාමක සංගමය පවසනවා.

ඒ අනුව දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂක ප්‍රවාහන/වාණිජ තනතුරේ බඳවා ගැනීම් සිදු කිරීම ප්‍රමාදවීම, නියාමක විශේෂ පංතියේ උසස්වීම් ලබාදීම ප්‍රමාදවීම, නියාමක විශේෂ පංතියේ වැටුප් ගැටලුව නොවිසඳීම, දෙපාර්තමේන්තු පරීක්ෂණ පැවැත්වීම ප්‍රමාදවීම ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

සිය ගැටලු සඳහා විසඳුම් ලබාදීමට කටයුතු නොකළහොත්, 20 වැනි සිකුරාදා දින මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ​ක සංකේතාත්මක වැඩ වර්ජනයක නිරතවන බවයි දුම්රිය නියාමක සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT