Local

වාහන නවතා මැතිවරණ ස්ටිකර් පෝස්ටර් ගලවයි…

Tuesday, 03 September 2024 - 12:00 pm

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ව කමිටුවක නිර්දේශ මත කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතියකින් යුතුව ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුවට උපදෙස් ලබාදීම, අධීක්ෂණය සිදු කිරීම ආදිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

(04) තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ වෙයි.

ඒ අනුව දිවයින පුරා සෑම පොලිස් ස්ථානයක ම වෙන ම ඒකකයක් මැතිවරණ පැමිණිලි ලබා ගැනීම සහ ඒ සම්බන්ධව ක්‍රියා කිරීමට පත් කර තිබේ.

මේ වනවිට මැතිවරණයට අදාළ ව පැමිණිලි 144ක් පොලිසියට ලැබී තිබේ.

පුද්ගලයින් 22 දෙදෙනකු ඊට අදාළව අත්අඩංගුවට ගෙන ඇතිබව පැවසීය.

මැතිවරණ ප්‍රචාරක පුවරු ලක්ෂ 02ක් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කර ඇතිබව පැවසීය.

මේ අතර වාහනවල මැතිවරණයට අදාළ ස්ටිකර්ස්, පෝස්ටර්ස් වැනි ප්‍රචාරණ පුවරු වාහනය නවතා ඉවත් කිරීමට පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතිබව පැවසීය.

මැතිවරණ කාල සීමාවේ දී උපරිම සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

කිසිවෙකු ප්‍රචණ්ඩකාරී හෝ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සිදු කළහොත් නීතිය දැඩි ව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT