කෘෂිකර්මාන්තය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා පවත්වනු ලබන අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය ලබන 20 වැනිදා ආරම්භ වීමට නියමිත බව දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
“පුනරුද කෘෂි යුගයකට සවිමත් කෘෂි ව්‍යවසායකත්වයක්” තේමාව යටතේ එය පැවැත්වෙයි.
එය ලබන 24 වැනිදා දක්වා පැවැත්වෙයි.
සෑම දිනකම පෙරවරු 07.30 සිට පස්වරු 06.00 දක්වා එය පැවැත්වෙයි.
ගොවිජනතාව,කෘෂිව්‍යවසායකයින් හා පාසල් දරු දැරියන්ගේ දැනුම,කුසලතා හා අත්දැකීම් වැඩි දියුණු කිරීම එහි ප්‍රධාන අරමුණ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
එහිදී බෝග වගාව ,සත්ව පාලනය ,මී මැසි පාලනය ,බිමල් වගාව පිළිබඳ දැනුම ලබාදීමට නියමිතයි.
මත්ස්‍ය වගාව ,වාරි කර්මාන්තය ,කෘෂි යන්ත්‍රෝපකරණ ,පසු අස්වනු තාක්ෂණය ඇතුළු අංශ රැසක් සඳහා දැනුම ලබාදීමට නියමිතයි.
ඒ සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රදර්ශන කුටි රැසක් ඇතිබව එම දෙපාර්තමේන්තුව පවසයි.
ගාල්ල ලබුදූව රජයේ ගොවිපළ ,කෘෂිකර්ම විද්‍යාලය,වී පර්යේෂණ ආයතනය හා බීජ සහතික කිරීමේ සේවාව ඒකාබද්ධව කෘෂිකාර්මික සංකීර්ණයේදි පැවැත්වීමට නියමිත බව දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.