Local

පන්නිපිටියේ නිමි ඇඳුම් ගබඩාවක් ගින්නෙන් අළු

Tuesday, 13 February 2024 - 7:39 am

පන්නිපිටිය, මහල්වරාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවකට අයත් රෙදිපිළි ගබඩාවක (12) අලුයම ඇතිවූ ගින්නකින් ගබඩා කර තිබූ නිමි ඇඳුම් විශාල තොගයක් ගිනිගෙන විනාශ වී ඇති බව මහරගම පොලිසිය පැවසීය.

ගබඩාව පිහිටි ස්ථානයේ අවට පදිංචිකරුවන් හා ප්‍රදේශවාසීන් විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදුන් දුරකථන ඇමතුම් මත වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගිනි නිවීමේ සේවා නිලධාරීන්ද කැඳවා ඔවුන් සමග එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බව පොලිසිය පැවසීය.

ගින්න ඇතිවීමත් සමඟ ගබඩාව පිහිටි පරිශ්‍රයේ තිබූ ජල බටයක් විනාශ වීම හේතුවෙන් ගින්න නිවා දැමීමට ප්‍රදේශවාසීන්ට ජලය ලබා ගැනීමේ අපහසුතාවක් ඇතිවීම හේතුවෙන් විශාල වශයෙන් ගින්න පැතිරී ගොස් ඇති බවත් එසේ නොවුණා නම් මීට වඩා දේපළ හානිය අවම කරගැනීමට තිබූ බවත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවත් ඒ පිළිබඳව නුගේගොඩ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ අංශයේ නිලධාරීන් කැඳවා පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවත් පොලිසිය පැවසීය.

ගිනිගැනීම හේතුවෙන් සිදු වූ අලාභහානිය මෙතෙක් ගණනය කර නොමැති බවත් ගිනි ගැනීම සිදුවන අවස්ථාවේ ගබඩා පරිශ්‍රය තුළ කිසිවෙකු රැඳී නොසිටි බැවින් පුද්ගල අනතුරු හෝ ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවත් පොලිසිය පවසයි.

ගින්න මැඩ පැවැත්වීම සඳහා කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවීමේ සේවා ඒකකයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ගිනි හා ආපදා සේවා ඒකකයේ නිලධාරීන් පැමිණ තිබූ බවත් විදුලි විසන්ධි කොට විදුලි ආපදා සුරක්ෂිත කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ සහාය ද ලැබුණු බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

මෙම ගබඩා පරිශ්‍රය මීට පෙර කාලයේදී හඳුන්කූරු නිෂ්පාදනය කිරීම හා ගබඩා කිරීමේ ආයතනයක් ලෙස පවත්වාගෙන ගිය එකක් බවත් ටික කලකට පෙර එම ආයතනය මෙම ස්ථානයෙන් ඉවත් කිරීමත් සමඟ නිමි ඇඳුම් ගබඩාව ආරම්භ කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. බී. එස්. ජයමහ මහතාගේ සෘජු අධීක්ෂණය මත මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ. සි. රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මුතුමාල මහතා ඇතුළු පොලිස් සැරයන් 43672 සුරංජිත්, පොලිස් කොස්තාපල් 92521 සමරසිංහ, 84742 ලක්ෂාන්, 73917 සමන්, 102924 කුලරත්න යන නිලධාරීන් විසින් පරීක්ෂණ සිදු කරන ලදි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT