Local

මැතිවරණය නියමිත දිනයට පැවැත්විය යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයාට මා දැනුම් දී තිබෙනවා - ජනපති

Saturday, 06 July 2024 - 7:33 am

  • ජනපති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ හමුවේ පවසයි.

නියමිත දිනට මැතිවරණය පැවැත්විය යුතු බවත් ඒ සඳහා මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවේදී  කරුණු පහදා දුන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ හමුවේ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ වැඩ සිටින නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  සංඝ මූලස්ථානය  වෙත අද (05) පස්වරුවේ  පැමිණි ජනාධිපතිවරයා මහානායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආශිර්වාද පළ කළ මහා නායක හිමිපාණන් වහන්සේ ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව  අප මේ වන විට පෞද්ගලික ණය හිමියන් සහ වාණිජ ණය හිමියන් සමඟ සාකච්ඡා අවසන් කර තිබෙනවා. අපට ගෙවීමට තිබු ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 8ක් පමණ අඩු කර ගැනීමට හැකිවීමේ සුබ ආරංචිය ඔබවහන්සේට දැනුම් දෙන්න කැමතියි .

ඒ වගේම ණය ගෙවීම සඳහා වසර 4ක  සහන කාලයක් ලබා ගැනීමටත් සම්පූර්ණ ණය ගෙවීම සඳහා 2043 දක්වා කාලය ලබා ගැනීමටත් අපට හැකි වුණා. මෙම වාසිය ලබාගෙන ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් ඉදිරි වසර දෙක තුළ සැලසුම් සහගතව කටයුතු කළහොත් නැවත ණය නොගන්නා තත්ත්වයකට රට ගෙන ආ හැකියි .

බෞද්ධ රටක් වන තායිලන්තය විවෘත ආර්ථිකය සමඟ අද ශක්තිමත් ආර්ථිකයක් ඇතිකරගෙන තිබෙනවා. තායිලන්තය 1950 වසරේ දී ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති ණයවලට වඩා දෙගුණයක ණය බරක් තිබු රටක්. නමුත් අද වන විට   අපනයනය මත පදනම්ව ධනාත්මක ආර්ථිකයක් ඇතිකරගෙන තිබෙනවා. 1991දී ශ්‍රී ලංකාවට කර්මාන්ත සහ ආයෝජන ගෙන ඒම සම්බන්ධව එවකට වියට්නාමයේ කර්මාන්ත ඇමතිවරයා මගෙන් විමසීමක් කළා. අද මට වියට්නාමය කර්මාන්ත ඇමතිවරයාගෙන්  ආයෝජන සහ කර්මාන්ත ගෙන ඒම සම්බන්ධයෙන් විමසීමට සිදු වෙලා.

මැතිවරණය නියමිත දිනයට පැවැත් විය යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයාට මා දැනුම් දී තිබෙනවා. 2015දී  ජනාධිපතිවරයාගේ කාලසීමාව වසර 6 සිට වසර 5ක් දක්වා  අඩු කිරීමට යෝජනා කළේ මමයි. අද මේ රටේ ජනතාව ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. ඒ අනුව අස්වැසුම වැඩසටහන හරහා ජනතාවට සහනයක් ලබාදීමට රජය මේ වනවිට කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක පූජ්‍ය වලේගොඩ ගුණසිරි ස්වාමීන් වහන්සේ, පූජ්‍ය අත්තංගනේ සාසනරතන ස්වාමින් වහන්සේ, පූජ්‍ය වෑතර මහින්ද ස්වාමීන් වහන්ස, පූජ්‍ය මකුලෑවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ, පූජ්‍ය අකරැල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආරක්ෂක සභාවේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න , හිටපු අමාත්‍ය දයා ගමගේ, නිකායේ ආරක්ෂක සභාවේ  ධම්මික සමරවික්‍රම යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT