Local

මේ වසරේ රු. මිලියන 21,000 කට ආසන්න මත්ද්‍රව්‍ය නාවික හමුදා භාරයට

Thursday, 30 November 2023 - 5:11 pm

මේ වසරේ ගත වූ කාලය තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 20,576 ක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් 26 දක්වා කාලය තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 715 යි ග්‍රෑම් 509 ක තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 17,887ක් බවයි සඳහන් වන්නේ.

ඊට අමතරව කේරල ගංජා කිලෝග්‍රෑම් 3641 යි ග්‍රෑම් 15 ක් සහ දේශීය ගංජා කිලෝග්‍රෑම් 50 ග්‍රෑම් 288 ක තොගයක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 1,456 ක් වනවා.

වටිනාකම රුපියල් මිලියන 95 ක් වන අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10 යි ග්‍රෑම් 755 ක තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, රුපියල් මිලියන 1,127ක වටිනාකමින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 140 යි ග්‍රෑම් 993 ක තොගයක් ද මේ වසරේ සිදුකළ වැටලීම්වලින් නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT