ජනවරමක් නොමැති ආණ්ඩුවකට රජයේ වැදගත් ආයතන විකුණා දැමීම සම්බන්ධයෙන් තීරණ ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය පැවසුවා.
බැංකු සේවක සංගමය, ජාතික විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ රක්ෂණ සංස්ථාව නියෝජනය කරන ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ නියෝජිතයන් සමඟ (01) පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළා.
මෙම හමුව ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ කාර්යාලයේදී පැවත්වුනු අතර අදාල ආයතන වර්තමානයේ මුහුණ දී තිබෙන ගැටළු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.