Local

හලාවත අබිරහස ගැන මරණ පරීක්ෂණයේ දී හෙළිවෙයි

Tuesday, 22 October 2024 - 9:27 am

හලාවත සිංහපුර ප්‍රදේශයේ ගිනිගත් නිවසේ මියගොස් සිටි එකම පවුලේ තිදෙනාගෙන් මව සහ දියණිය ගෙල කපා ඝාතනය කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබේ.

එහිදී අනාවරණ වී ඇත්තේ මව පසුගිය 19 වෙනිදා පෙරවරුවේත් දියණිය එදින රාත්‍රියේත් ඝාතනයට ලක්ව ඇති බවය. 

ඝාතනයේ සැකය දියණියගේ පියා දෙසට එල්ලවන නමුත් ඒ බව මෙතෙක් තහවුරු කරගෙන නැහැ.

හලාවත, සිංහපුර ප්‍රදේශයේ දෙමහල් නිවසක හටගත් ගින්නක් පිළිබඳ හලාවත පොලිසියට ඊයේ (20) ලැබුණු තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවේදී නිවස තුළ තිබී තිදෙනෙකුගේ මළසිරුරු සොයාගැනුණි.

මියගොස් තිබුණේ 51 හැවිරිදි එස්.ජී. සේනාරත්න ,ඔහුගේ බිරිඳ වන 44 හැවිරිදි මංජුලා නිරෝෂනි නම් කාන්තාව සහ ඔවුන්ගේ 15 හැවිරිදි දියණිය වන නෙත්මි නිමේෂායි.

මෙම සිදුවීම ඝාතනයක් ලෙස සැකකර විමර්ශන මෙහෙයවන බව පොලීසිය සඳහන් කළේය.

මළ සිරුරු සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත මහා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය අයි.එම්. ඉලංගරත්න බණ්ඩා මහතා විසින් අද (21) සිදුකරනු ලැබීය.

එහිදී අනාවරණ වූයේ කාන්තාවගේ සහ දියණියගේ ගෙල කපා ඝාතනය කර පසුව සිරුරු ගිනි තබා ඇති බවය. 

මියගිය කාන්තාව පසුගිය 19 වැනිදා පෙරවරුවේ ඝාතනය වී ඇති අතර ගෙලට තියුණු ආයුධයකින් පහර 06ක් එල්ල කර ඇති බවත් අධික ලේ වහනය නිසා ඇගේ මරණය සිදුව ඇති බවත් අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය වී තිබුණි.

පොලීසිය පවසන්නේ ඝාතනයට ලක්වූ දියණිය උපකාරක පන්තියකට ගොස් සිය මිතුරියෙකගේ නිවසේ සිටියදී ඇගේ පියා පැමිණ පසුගිය 19 වනදා පස්වරුවේ නිවසට රැගෙන ගිය බවට තොරතුරු ලැබී ඇති බවය.

පසුව එදින රාත්‍රියේ ඇය ඝාතනයට ලක්වන්නට ඇති බවට පොලීසිය සැක පළකරයි.

දියණියගේ ගෙලෙහි කැපුම් තුවාල 02ක් තිබුණු බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිරීක්ෂණය වී ඇත.

මෙම සිද්ධි පෙළ සිදුවන අවස්ථාවේ දියණියගේ පියා අධික ලෙස බීමතින් සිටි බව හෙළි වී ඇතැයි ද පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කරන පරිදි ඔහු වෘත්තියෙන් ඉඩම් සහ රථවාහන වෙළෙඳාමේ නිරත ව්‍යාපාරිකයෙකි.

සේනාරත්න නමැති මෙම පුද්ගලයා බොහෝදෙනෙකුගෙන් ණයට මුදල් ගෙන සිට තිබූ බව වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

එම ණය මුදල් පියවීමට, ඔහුගේ බිරිඳට අයත්ව හලාවත - කුරුණෑගල පාරේ කොක්කාවිල ප්‍රදේශයේ ඇති අක්කර 05ක ඉඩමක් කට්ටි කර අලෙවි කිරීමට ඔහු බිරිඳගෙන් කලක සිට ඉල්ලා ඇති නමුත් ඊට ඇය විරුද්ධවී ඇති බව පොලීසිය තොරතුරු හෙළි කරගෙන තිබේ.

තවද මෙම නිවසේ තිබූ රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා ස්වර්ණාභරණ ද මීට දෙමසකට පමණ පෙර අස්ථානගත වී ඇති බව පොලීසිය පවසයි.

සේනාරත්න නමැත්තා මියගියේ කෙසේද යන්න තහවුරු කරගැනීමට ඔහුගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේ. 

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍යවරයා සිද්ධිය සම්බන්ධයෙන් ලබා දී ඇත්තේ විවෘත තීන්දුවකි.

කෙසේවෙතත් තවමත් මෙම ඝාතනය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

පොලීසිය සැක පළකරන්නේ මෙය අඹු -සැමියන් අතර ඇතිවූ ආරවුලක් මත සිදුකළ ඝාතනයක් බවය. 

පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ සහ පොලිස් අධිකාරි පාලිත අමරතුංග මහතාගේ උපදෙස් මත හලාවත පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT