Local

නවෝත්පාදන ප්‍රවර්ධනයට රජය කැපවී සිටිනවා

Friday, 20 June 2025 - 9:26 am

පෞද්ගලික අංශය සමඟ සහයෝගයෙන් යුතුව නවෝත්පාදනයන් සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින්, නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීමට සහ ප්‍රතිපත්තිමය දිශානතීන් සැකසීමට රජය කැපවී සිටින බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ප්‍රකාශ කළාය.

‘ආර්ථික පරිවර්තනය සඳහා වූ නවෝත්පාදන’ යන මැයෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB) මඟින් සංවිධානය කරන ලද Serendipity Knowledge වැඩසටහන ඊයේ (19) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් අගමැතිනිය එසේ කීවාය.

ශ්‍රී ලංකාවේ ජාතික නවෝත්පාදනය ශක්තිමත් කිරීම සඳහා රජය සහ ජාත්‍යන්තර විශේෂඥයන් ඇතුළු අනෙකුත් පාර්ශ්වකරුවන් අතර දිගුකාලීන සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම සම්බන්ධ ගැටලු පිළිබඳ දැනුම බෙදා ගැනීමේ අරමුණින් ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය.

‘ආර්ථික අර්බුදයෙන් සහ මධ්‍යම ආදායම් උගුලෙන් මිදීම සඳහා නවෝත්පාදනයේ අවශ්‍යතාව අවධාරණය කළාය. පෞද්ගලික අංශය සමඟ සහයෝගයෙන් යුතුව නවෝත්පාදනයන් සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින්, නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීමට සහ ප්‍රතිපත්තිමය දිශානතීන් සැකසීමට රජය කැපවී සිටින බවත් ශ්‍රී ලංකාවේ නවෝත්පාදනයන් සඳහා ශක්තිමත් පදනමක් තිබුණ ද, සම්බන්ධීකරණයේ පවතින දුර්වලතා හේතුවෙන් ගෝලීය නවෝත්පාදන දර්ශකයේ (Global Innovation Index) රටවල් 113ක් අතරින් ශ්‍රී ලංකාව 89 වැනි ස්ථානයට පත්ව ඇති බවත් සඳහන් කළා ය.

දශක ගණනාවක් පුරා උසස් අධ්‍යාපන හා පර්යේෂණ සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමු වී නැති බවත්, පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා දැනට වැය කරන මුදල දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 0.1%ක් පමණක් වන බවත් සඳහන් කළා ය.

එම නිසා, ඉදිරි පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන වැඩි කිරීමට මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා උපායමාර්ගිකව ආයෝජනය කිරීමට රජය කැපවී සිටින බව ද අග්‍රාමාත්‍යවරිය මෙහි දී වැඩිදුරටත් සඳහන් කළා ය.

මෙම අවස්ථාවට ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ ආචාර්ය Takafumi Kadono, අග්‍රාමාත්‍ය ලේකම්, ප්‍රදීප් සපුතන්ත්‍රි, උසස් අධ්‍යාපන, අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, මුදල් අමාත්‍යංශයේ, පෞද්ගලික අංශයේ සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් නිලධාරීන් සහ පීඨ සාමාජිකයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

 
 
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT