Local

වැසි සමයත් සමඟ සීග්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු පාලනයට විශේෂ වැඩසටහනක්

Wednesday, 06 December 2023 - 3:49 pm

වැසි සමයත් සමඟ මේ වන විට ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර වර්ධනයක් සිදු වෙමින් පවතින අතර මෙම තත්ත්වය පාලනය කිරිම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සමඟ සාකච්ඡාවක් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) ජනාධිපති කාර්‍යාලයේදී පැවැත්වණු අතර එහිදී සාගල රත්නායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේය.
කොළඹ, ගම්පහ, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කයන්හි ඩෙංගු රෝගීන්ගේ වැඩි වර්ධනයක් සිදුව ඇති බව ද මෙහිදී අනාවරණය කෙරුණු අතර රාජ්‍ය ආයතන, බෝට්ටු අංගන, පාසල්, ඇතුළු පොදු ස්ථානවල වාහක අභිජනනය වැඩි වී ඇති බව නිරීක්ෂණය වී ඇති බවද සඳහන් කෙරිණි.මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ ද සහය ඇතිව කඩිනම් ක්‍රියාමාර්ගවලට එළැඹෙන ලෙස සාගල රත්නායක මහතා ශ්‍රී ලංකා පොලීසිය වෙත උපදෙස් දුන්නේය.
රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ රාජ්‍ය ආයතන දැනුවත් කරමින් ජනාධිපති කාර්යාලය මඟින් ලිපියක් නිකුත් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.
එසේම ශ්‍රී ලංකා පොලීසිය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල එක්ව මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන ලෙස ද සාගල රත්නායක මහතා උපදෙස් දුන්නේය.
මෙම කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම සඳහා එළැඹෙන සඳුදා ඩෙංගු මර්ධන ඒකකය නැවත රැස්වීමටද තීරණය කෙරිණි.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු සහ සෞඛ්‍ය අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා කොළඹ මහනගර සභාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT