Local

කල්මුණේ අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්

Thursday, 16 May 2024 - 8:04 am

මෙරට මුස්ලිම් ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කළ විශිෂ්ට දේශපාලනඥයකු වන මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් ඉටුකළ සේවය අගයමින් “අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්” ඉදිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.

එම්.එච්.එම්. අෂ්රෆ්ගේ 24 වන ගුණ සමරුව නිමිති කර ගනිමින් දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම් හරිස් මහතාගේ සහ මුස්ලිම් ප්‍රජාවගේ ඉල්ලීමට අනුව එම්.එච්.එම්. අෂ්රෆ්ගේ උපන් ගම වන කල්මුණේ ප්‍රදේශයේ මෙම අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 25ක් වෙන් කිරීමට කටයුතු කරන බව පැවසු ජනාධිපතිවරයා අදාළ ඉදිකිරීම් කඩිනමින්ආරම්භ කිරීමට ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අභාවප්‍රාප්ත එම්.එච්.එම්.අෂ්රෆ් දක්ෂ නීතීඥයකු, විශිෂ්ට නීති සම්පාදකයකු මෙන්ම කීර්තිමත් දේශපාලනඥයකු ද වන අතර ඒ මහතා නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කළේය.

ආදර්ශමත් සහ මානුෂීය ගුණාංගවලින් පිරිපුන් ජනතා නියෝජිතයෙකු වූ ඔහු සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව කා අතරත් ගෞරවාදරයට පාත්‍ර විය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT