Local

පෞද්ගලික දත්ත සැකසීමේදී පුරවැසියාගේ අයිතීන් සුරක්ෂිත කිරීමට කඩිනමින් නව නීතිරීති ගෙන එනවා – දත්ත ආරක්ෂණ අධිකාරියේ සභාපති අර්ජුන හේරත්

Tuesday, 13 February 2024 - 7:43 pm

පෞද්ගලික දත්ත සැකසීම පිළිබඳව කටයුතු කරනු ලබන රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ආයතන විසින් පුරවැසි අයිතීන් සුරක්ෂිත වන සේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නියාමනය සඳහා අවශ්‍ය නීති රීති කඩිනමින් සකස් කර අවසන් කරන බව දත්ත ආරක්ෂණ අධිකාරියේ සභාපති අර්ජුන හේරත් මහතා පැවසීය.

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතෙහි පූර්විකාවෙහි දැක්වෙන අභිමතාර්ථයක් වූ ඩිජිටල් ආර්ථික කටයුතුවල වර්ධනය හා නවෝත්පාදන සඳහා පහසුකම් සැපයීමද මෙමඟින් අපේක්ෂා කෙරේ.

2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත යටතේ හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි විධිවිධාන අනුව තාක්ෂණ විෂය භාර අමාත්‍යවරයාට හිමි බලතල ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතෙහි V වැනි කොටස 2023 ජූලි මස සිට ක්‍රියාත්මක වන අතර, එමඟින් අධිකාරියේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලැබිණි. ඉන් පසුව 2023 ඔක්තෝබර් මාසයේ දී මෙම අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ඒ බව ප්‍රසිද්ධ කරන ලදී.

පුරවැසියන්ගේ පෞද්ගලික දත්ත සැකසීම පිළිබඳව කටයුතු කරනු ලබන රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ආයතන විසින් පුරවැසි අයිතීන් සුරක්ෂිත වන සේ කටයුතු කරනු ලැබීම නියාමනය කරන ආයතනයක් වශයෙන් මෙම අධිකාරිය ක්‍රියාත්මක වේ. එසේම පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතෙහි පූර්විකාවෙහි දැක්වෙන අභිමතාර්ථයක් වූ ඩිජිටල් ආර්ථික කටයුතුවල වර්ධනය හා නවෝත්පාදන සඳහා පහසුකම් සැපයීමට ද දත්ත ආරක්ෂණ අධිකාරිය අපේක්ෂා කරයි.

මෙම නවතම ගැසට් නිවේදනය මඟින් 2025 මාර්තු මස 18 දින සිට පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක හා බලාත්මක තත්ත්වයට පත් කෙරේ. එසේම ‘ආයාචිත පණිවුඩ පතුරුවා හැරීම සඳහා පෞද්ගලික දත්ත භාවිත කිරීම’ පිළිබඳ මෙම පනතෙහි IV කොටස බලාත්මක විය යුතු දිනය, පනත සඳහා කතානායකවරයාගේ සහතිකය ලත් දින සිට මාස 24කට නොඅඩු හා මාස 48කට නොවැඩි කාලයක් ඇතුළත දිනයක් විය යුතු බැවින් එකී කාල සීමාව තුළ වු හා 2025 මාර්තු මස 18 දිනයෙන් පසු දිනයක සිට බලාත්මක කෙරේ.

මෙම පනතේ VI, VIII, IX සහ X කොටස් 2023 දෙසැම්බර් මස 01 දින සිට ක්‍රියාත්මක කිරීම මඟින් අධිකාරියේ අරමුදල නිර්මාණය කිරීමට මෙන්ම පනතෙහි 52 වැනි වගන්තිය යටතේ අධිකාරිය සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම ප්‍රධාන කාර්ය මණ්ඩල සාමාජිකයන් බඳවා ගැනීමට අදාළ බඳවාගැනීමේ පටිපාටි වෙනුවෙන් නීතිරීති සැකසීමට අවශ්‍ය පියවර ගැනීමටත්, අධ්‍යක්ෂ ජනරාල් හා අධිකාරියේ කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත අදාළ බලතල පැවරීමටත්, සෙසු මෙහෙයුම් කාර්යයන් මඟින් අධිකාරියේ කටයුතු සම්පූර්ණ ක්‍රියාකාරී තත්ත්වයට ගෙන ඒමටත් හැකියාව ලැබී ඇත.

එසේම විවෘත, පාරදෘශ්‍ය හා තරගකාරී ක්‍රමවේදයක් මඟින් අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ප්‍රධාන කාර්ය මණ්ඩලය සඳහා නිලධාරීන් බඳවා ගැනීමේ සහ පත් කිරීමේ ක්‍රියාවලිය සඳහාත්, පනත බලාත්මක වන 2025 මාර්තු 18 දිනට පෙර කාල සීමාව තුළ දී ආයතනික යටිතල පහසුකම් සංවර්ධන සහ ධාරිතා සංවර්ධන කටයුතු සිදු කිරීමටත්, ප්‍රධාන පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ කාර්යයන් සාර්ථක කර ගැනීමටත් මෙම ගැසට් නිවේදනය මඟින් දත්ත ආරක්ෂණ අධිකාරියට හැකි වේ.

2024 වසරේ දෙවැනි හා තුන්වැනි කාර්තු තුළ පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබා ගැනීමේ ප්‍රවේශ භාවිතා කරමින් පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත බලාත්මක කිරීම සඳහා වූ ප්‍රතිපත්ති රාමුව සහ රීති සහ රෙගුලාසි සකස් කිරීමටත්, 2024 වසරේ සිවුවැනි කාර්තුව හා 2025 වසරේ පළමු කාර්තුව තුළ එම ප්‍රතිපත්ති, නීති හා රෙගුලාසි පිළිබඳ දැනුවත් කිරීමටත් දත්ත ආරක්ෂණ අධිකාරිය අපේක්ෂා කරයි.


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT