Local

වැඩ තහනමක් යට විදේශ සමාගමක බළල් අතක්..

Thursday, 24 October 2024 - 9:14 am

ජාතික තොරතුරු හා සන්නිවේදන ආයතනයක ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරිවරයකුගේ සහ තවත් ඉහළ නිලධාරීන් සිව්දෙනකුගේ වැඩ තහනම පිටුපස ඇත්තේ එහි විදේශ කොටස් හිමි සමාගමක අවශ්‍යතාවක් සපුරා ගැනීමට පසුබිම සකසා ගැනීම බව එහි සේවකයෝ ප්‍රකාශ කර සිටිති.

මේ පිළිබඳව රජය වහාම අවධානය යොමු කළ යුතු බව සඳහන් කරන ඔවුන් මෙම සමාගම විකුණා දැමීම සඳහා පසුගිය රජය සමයේ ප්‍රයත්න දැරුවත් වත්මන් රජයේ ප්‍රතිපත්ති මත එය අසාර්ථකත්වයට පත්වීමත් සමග එයට උරණ වූ එම සමාගම මෙලෙස සේවකයන්ගෙන් පළිගැනීමට ක්‍රියාකර ඇතැයි ද ඔවුහු චෝදනා කරති. මෙම ආයතනයේ විධායක නොවන මෙරට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු එහි විදෙස් කොටස් සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලයට සම්බන්ධ තමාගේ හිතවත් පුද්ගලයන්ට ලබාදීමේ මෙහෙයුම පිටුපස සිටින බවද ඔවුහු චෝදනා කරති. ඔහුගේ චේතනාව අදාළ ආයතනය විකුණා දැමීමේ ගනුදෙනුව සඳහා පහසුකම් සැලසීම බවද ඔවුහු පවසති.

මෙම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයා ප්‍රධාන විධායක නිලධාරි, ප්‍රධාන අනුකූලතා නිලධාරි, ප්‍රධාන මෙහෙයුම් නිලධාරි සහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරි හරහා මෙහෙයුම් තුළට රිංගා ගනිමින් පරිපාලන කටයුතු කෙරෙහි මැදිහත්වීමටද ක්‍රියාකර ඇතැයි සේවකයෝ කියති.

මෙම ජාතික තොරතුරු හා සන්නිවේදන ආයතනයේ රහසිගත දත්ත වෙනත් සන්නිවේදන ආයතන වෙත ලබාදීමට මෙම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ක්‍රියාකර ඇතැයි ද එසේ ක්‍රියාකිරීම ඇතුළු අක්‍රමිකතා රැසක් පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිටින බවද සේවකයෝ කියති.

එසේම අසාධාරණ ලෙස වැඩ තහනමට ලක්වූ සේවකයන් සඳහා සාධාරණය ඉටුකර ඔවුන්ට ශක්තිමත් ආරක්ෂාවක් ලබාදීම තහවුරු කරදීමට ක්‍රියාකරන ලෙසත් ඉල්ලා සිටින එහි සේවකයන් මේ සඳහා ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගේ අවධානය යොමුවනු දැකීම සිය අපේක්ෂාව බවද සඳහන් කරති.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT