Local
මැදවච්චියේ මාරක රිය අනතුරක්
Tuesday, 10 June 2025 - 12:37 pm
යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
ඊයේ (09) වන දින රාත්‍රී මැදවච්චිය, රඹෑව, රත්මල්ගහවැව මාර්ගයේ 04 කණුව ආසන්නයේදී අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මරණකරු වයස අවුරුදු 31 ක් වූ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනෙක් යතුරුපැදියේ පැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.