Local

ප‍්‍රශ්ණ පත්තරේ මාලිමාව ගැන ප‍්‍රශ්ණ පහක් තිබීම එච්චර ගණන් ගන්න එපා..- ස්ටාලින්

Wednesday, 13 November 2024 - 1:29 pm

මතුගම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණයේදී උසස් පෙළ දරුවන්ට බෙදා දී ඇති පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයට ජාතික ජන බලවේගයට සම්බන්ධ ප්‍රශ්න 5ක් ඇතුලත් වීම විශාල ගැටලුවක් කර ගතයුතු නැතැයි ලංකා ගුරු සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ වාර විභාගවල ප්‍රශ්නපත්‍ර කලාප අධ්‍යාපන කාර්යාල හරහා ලබා දෙන්නේ නම් මෙවැනි ගැටලු ඇති නොවනු ඇති බවයි.

නිසි ක‍්‍රමය අනුව පළමු වාර විභාගයේ ප්‍රශ්න පත්‍රය පාසලෙනුත්, දෙවැනි වාරයේ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් සහ තෙවැනි වාර විභාගයේ ප්‍රශ්න පත්‍රය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ලබා දිය යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.

ඉන් බැහැරව එම ක්‍රියාවලිය කරන්නේ නම් එහි වගකීම ප්‍රශ්න සෑදූ ගුරුවරුන්ට පවරන්නේ නැතුව අධ්‍යාපන බලධාරීන් බාර ගත යුතු බවද ලේකම්වරයා තව දුරටත් පැවසුවේය.


Top Stories
wedivistara

රජයේ මූල්‍ය ක්‍රමෝපාය පාර්ලිමේන්තුවට

wedivistara

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

wedivistara

බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට අනිවාර්ය කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළට

wedivistara

හිටපු ඇමති ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT