Local

යෝජිත ධීවර පනතින් ධීවර ප්‍රජාවගේ අයිතිවාසිකම්වලට කිසිදු හානියක් නැහැ – ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා

Wednesday, 21 February 2024 - 9:00 am

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ආධාර ඇතිව ජලජීවී වගාව සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පැවසීය.

යෝජිත ධීවර පනත තුළින් ධීවර ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන අතර ඔවුන්ට කිසිදු හානියක් සිදු නොවන බවට පොරොන්දු වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මෙසේ ද පැවසීය,

සංශෝධිත නව ධීවර පනත් කෙටුම්පත නුදුරේදී සම්මත කරගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම්ව පවතිනවා. ධීවර කර්මාන්තය සංවර්ධන කිරීම තුළින් මත්ස්‍ය අස්වැන්න ඉහළ නංවා ගැනීමට බලාපොරොත්තු වනවා. යෝජිත ධීවර පනත් කෙටුම්පත පිළිබඳ ධීවර වෘත්තීය සමිති සියල්ල දැනුවත් කරමින් ඔවුන්ගේ අදහස් අනුව පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරනවා. අදාළ පනත තුළින් ධීවර ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන අතර ඔවුන්ට කිසිදු හානියක් සිදුනොවන බවට ද අප පොරොන්දු වනවා.

ඒ වගේම ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා ද අප මේ වන විට කැඳවීම් කර තිබෙනවා. එමෙන්ම විදෙස් ආයෝජන ද උපයෝගී කරගනිමින් ධීවර ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම අපගේ අරමුණයි. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ආධාර ඇතිව ජලජීවී වගාව ද සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.

එමෙන්ම මුහුදේ උෂ්ණත්වය වර්ධනය වීම සහ නීති විරෝධී ධීවර කටයුතු නිසා මත්ස්‍ය සම්පත ලෝකයෙන් හීන වී යමින් තිබෙනවා. ජලජ ජීවීන්ගේ ආහාර සඳහා ඉස්සන්, කකුළුවන් මෙන්ම මුහුදු පැළෑටි වගාව මේ වනවිට දීප ව්‍යාප්තව සිදු කරමින් සිටින බව සඳහන් කළ යුතුයි.

ඒ වගේම මීගමුව ධීවරයන් කාදිනල් හිමිපාණන්ගේ නිවස ඉදිරිපිට පැවැත්වූ විරෝධතාව මගේ අවධානයට යොමු කර තිබුණා. මෙම ගැටලුව විමර්ශනය කිරීම සඳහා මටත් සදාචාරාත්මක වගකීමක් තිබෙනවා. ඒ නිසා අදාළ පාර්ශ්ව හමුවෙලා ඒ අය සමඟ සාකච්ඡා කර සාධාරණ විසඳුමක් ලබා දීමට මම බලාපොරොත්තු වනවා.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT