Local

සංචාරය නිම කරවා මව් රටට යන්න ගිය ඔිස්ට්‍රියා ජාතිකයා මරු

Friday, 26 January 2024 - 6:58 pm

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ  කඩවත සහ කෙළවරපිටිය අතර කිලෝමීටර් 27 දශම 1 ප්‍රදේශයේදී අද  (26) අලුයම ඕස්ට්‍රියා ජාතික එකම පවුලේ පිරිසක් ගමන් ගත් සුඛෝභෝගී වෑන් රථයක් ලොරියක ගැටීමෙන් 37 හැවිරිදි පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගොස් ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය කියයි

මියගිය පුද්ගලයා schusccr  woifgamg  නැමැත්තෙකි

අදාළ වෑන් රථ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත

60 හැවිරිදි   ඔහුගේ මව  තුවාල ලබා රාගම රෝහල වෙත ඇතුලත් කර ඇත

මියගිය පුද්ගලයා මව සහ පියා සමග  මෙරට සංචාරයක් සඳහා පැමිණ  හික්කඩුව සංචාරක හෝටලයේ නවාතැන් ගෙන  යලි මවුරටට යාම සඳහා ගැලනිගම අධිවේගී පිවිසුමෙන් ඇතුළු වී  කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කරා  සුඛෝපභෝගී වෑන් රථයෙන් යමින් සිටියදී

මෙම මාරක අනතුර වී තිබූ බව පොලිසිය කියයි

වෑන් රථය පැදවූ මෙරට රියදුරු ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථයකට ඉස්සර කර  මාර්ගයේ වම් පසට ගැනීමත් සමගම   ආපදාවකට ලක්ව මාර්ගයේ එක් මං තීරුවක නවතා තිබූ   ලොරි රථයේ පිටුපස ගැටීමත් සමඟම රියදුරු වෑන් රථය දකුණට හැරවීමේදී  වෑන් රථයේ වම් බඳ පෙදෙසට දැඩි අලහභානිවී වට දෙකක් කැරකි මීටර් පනහක් පමණ ඉදිරියට ඇදී ගොස්  කොට්ටාව දෙසට මුහුණලා   වෑන් රථය නතර වී ඇතැයි පොලිසිය කියයි

අනතුර වෙන අවස්ථාවේදී මවුපියන් දෙදෙනා සහ මියගිය පුතු , වෑන් රථයේ පිටුපස ගමන් කර ඇතැයිද  ඔහු වෑන් රථයේ වම්පසට වන්නට අසුන්ගෙන සිටීම හේතුවෙන් මෙලෙස බරපතල තුවාල සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි

වෑන් රථය  පැදවූ මහනුවර  පදිංචි 30 හැවිරිදි රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව වී ඇතැයි පොලිසිය කියයි


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT