Local

ඉලෙක්ට්‍රෝනික ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය ඉදිරි මැතිවරණවල දී – ජනපති

Friday, 30 August 2024 - 6:20 am

ඉදිරි මැතිවරණ සඳහා ඉලෙක්ට්‍රෝනික ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (29) පෙරවරුවේ එළිදක්වනු ලැබූ “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශයේ 'ඩිඩිටල් මාවත' සැලැස්මෙහි ඔහු මේ බව සඳහන් කර ඇත. 

එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

අනාගත ලෝකය හැඩ ගස්වන නවතම රැල්ල වන්නේ ඩිජිටල් තාක්‍ෂණය පදනම් කරගත් කෘත්‍රිම බුද්ධිය හා ස්වයංක්‍රීයකරණය යි. එය සෞඛ්‍ය, අධ්‍යාපන, මූල්‍ය, ආර්ථික ආදී සකලවිධ ක්‍ෂේත්‍රවල දියුණුවට පාදක වනවා.

ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම උදෙසා තාක්ෂණ ප්‍රවර්ධන පනත 2025 වසරේ අප සම්මත කරගන්නවා. මෙමගින් ඩිජිටල් පරිවර්තන ඒජන්සියක් සහ තාක්ෂණ සහ නවෝත්පාදන සභාවක් ස්ථාපිත කරනවා. ඊට පසුබිම සකසමින් මේ වන විටත් ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත අප සංශෝධනය කර තියෙනවා.

චන්ද්‍රිකා තාක්‍ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවාවන් හදුන්වාදීම ඔස්සේ ඩිජිටල් විප්ලවය වේගවත් කරනවා.

අපේ රටත් අනාගත පරපුරත් මේ නවීන ප්‍රවණතාවන්ට එක් කිරීම සඳහා අප වහාම පියවර ගන්නවා. තරුණ තරුණියන් ඩිජිටල් දැනුමෙන් සන්නද්ධ කරනවා.

තවත් වසර තුනක් ඇතුළත මුළු රාජ්‍ය සේවයම කෘත්‍රිම බුද්ධිය හා ස්වයංක්‍රීයකරණය යටතට ගෙන ඒමේ සැලසුම් අප ක්‍රියාත්මක කරනවා. පූර්ණ ඊ-රාජ්‍ය සේවයක් (e-Gove ance) නිර්මාණය කරනවා.

වර්තමානයේ අපේ ඩිජිටල් ආර්ථික පංගුව ඩොලර් බිලියන 5 ක්. ඉදිරි පස් වසර තුළ එය ඩොලර් බිලියන 15 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය ශක්තිමත් පදනම සකස් කරනවා.

කෘත්‍රිම බුද්ධිය ඔස්සේ වගකීම් විරහිත ලෙස ක්‍රියා කිරීම නවතාලන, එමෙන්ම කටහඬ, රූපය ආදියෙහි පුද්ගලිකත්වය හා බුද්ධිමය දේපල අයිතිය සුරකින නීති රීති සම්පාදනය කරනවා. මැඩ්රිඩ් ප්‍රොටොකෝල් ගිවිසුම (Madrid Protocol) ඔස්සේ වෙළෙඳ ලකුණු පිළිබඳ බුද්ධිමය අයිතිය සුරකිනවා.

ඩිජිටල් පුරවැසි හැදුනුම්පත් නිකුත් කිරීමේ කාර්යයට දැනටමත් මුල පුරා ඇති අතර, ඉදිරි මැතිවරණ සඳහා ඉලෙක්ට්‍රෝනික ඡන්ද ප්‍රකාශ කිරීම හදුන්වා දෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT