Local

මාරක අනතුරු දෙකකින් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Monday, 12 August 2024 - 10:03 am

යාපනයේදී හා කිළිනොච්චියේදී සිදු වූ යතුරුපැදි අනතුරු දෙකකින් තරුණයින් දෙදෙනෙකු ඊයේ (11) මියගොස් තිබෙනවා. කිළිනොච්චිය - පුනරීන් මාර්ගයේ පරමංගරෙයි ප්‍රදේශයේදී තරුණයෙකු ගමන් කළ යතුරුපැදියක් වාහනයක ගැටීමෙන් එම යතුරුපැදියේ ගමන්කළ 27 හැවිරිදි තරුණයෙකුයි මෙසේ මියගොස් ඇත්තේ. ඔහුගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සදහා මල්ලාවී රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, අනතුර සිදු වූ වාහනයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ තරුණයෙකුට සිය යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවතට පැන පෙරලී යාම නිසා එම තරුණයා සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබුණා. ඔහුගේ මළ සිරුර යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. අනතුරු දෙකටම හේතුව තරුණයින් අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කිරීම බව පොලිසිය පවසනවා. යාපනය පොලීසිය හා පුනරීන් පොලීසිය මෙම අනතුරු දෙක සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT