Local

දුන්හිඳ Odyssey විශේෂ දුම්රිය අද සිට ධාවනයට

Friday, 05 April 2024 - 4:20 pm

දුම්රිය සේවාවට වසර 100ක් පිරීම නිමිත්තෙන් (05) සිට “දුන්හිඳ Odyssey” නමින් විශේෂ දුම්රියක් ධාවනය ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මෙම දුම්රිය අඟහරුවාදා‍, සිකුරාදා සහ ඉරිදා දි​නවල පෙරවරු 6.30 ට කොළඹ කොටුවෙන් ආරම්භ වන අතර බදුල්ලට සවස 5.37 ට ළඟා වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම සඳුදා‍, බදාදා සහ සෙනසුරාදා දිනවල බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා මෙය ධාවනය වීමට නියමිතයි. 

එහිදී බදුල්ලෙන් පෙරවරු 8.00 ට ගමන් ආරම්භ ක​ර පස්වරු 6.51 ට කොළඹ කොටුවට ළඟාවීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මෙම සංචාරක දුම්රිය හොස්ටේල් දියඇල්ල, ශ්‍රී පාද කන්ද, ශාන්ත ක්ලෙයාර් දියඇල්ල, එල්ජින් දියඇල්ල, සමිට් ලෙවල්, අංක 18 බිංගෙය, සුළං කපොල්ල (ඉදල්ගස්හින්න - හපුතලේ), කිතල් ඇල්ල දියඇල්ල, ආරුක්කු 9 පාලම, දෙමෝදර බිං ගෙය යන ස්ථාන වලදී සංචාරකයින්​ට නැරඹුම් ස්ථාන ලෙ​ස නැවැත්වීමට නියමිතයි.

අදාළ දුම්රිය කාලසටහන හා ආසන වෙන් කිරීමේ ගාස්තු පහතින්. 

ඡායාරූ​ප - RDMNS Railway Network

news images news images


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT