Local

මාස එකහමාරක බිළිඳා පහරදී ඝාතනය කළැයි මව අත්අඩංගුවට…

Tuesday, 06 August 2024 - 10:20 am

යාපනය තෙලිප්පලෙයි පොලිස් වසමේ අලවෙඩ්ඩි ප්‍රදෙශයේදී මස එකහමාරක් වයදසැති බිළිඳෙකු රෝහලගත කිරීමෙන් අනතුරුව මිය යාම හේතුවෙන් බිළිඳාගේ මව 05 දින සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
බිළිඳාගේ මව විසින් බිළිඳාට මවකිරී දීමෙන් පසුව මව්කිරි සිරවී සිහිමුර්ජා වූ බව පවසමින් අලවෙඩ්ඩි ප්‍රාදේශීය රෝහලට 04 දින ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තෙලිප්පලෙයි රෝහලට කුඩා බිළිඳා මාරු කොට යැවීමට රෝහල් කාර්ය මණ්ඩලය විසින් පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත් තෙලිප්පලයෙි රෝහලේදී අදාල බිළිඳා මිය ගොස් තිබූ අතර බිළිඳාගේ සිරුරේ සහ හිසේ කුඩා තුවාල සහ තැලුම් තිබීම් හේතුවෙන් ඒ පිළිබඳව සැක පහල වී පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකිරීමට පියවර ගනු ලැබීය.
මෙලෙස මිය ගිය මාස එකහමාරක් වයසැති සසිරූබන් නිකාස් බිළිඳගේ සිරුර යාපනය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් සිදුකරන ලද ශාරීරක මරණ පරික්ෂණයේදී හෙලි වී ඇත්තේ බිළිඳාගේ හිසට එල්ල වූ පහරදීමක් හේතුවෙන් අභ්‍යන්තර ලේ ගැලීමකින් මෙම මරණය සිදුව ඇති බවටය. ඊට අමතරව බිළිඳාගේ සිරුරේ ස්ථාන කිහිපයකටද පහරදී ඇති බවට අනාවරනය වී ඇති බවටයි.
බිළිඳාගේ මරණ පරික්ෂණ වාර්ථාවට අනුව ක්‍රියාත්මක වූ තෙලිප්පලෙයි පොලීසිය විසින් බිළිඳාගේ මව සැකපිට අත්අඩංගුවට ගැනීමට පියවර ගත් අතර සිද්දිය සම්බන්ධයෙන් තෙලිප්පලෙයි පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT