ඉදිරියේ ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා 60% ඉක්මවූ ඡන්ද ප්රතිශතයක් ලබමින් ජයග්රහණය කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
එම ප්රතිශතය ඉදිරි දින කිහිපය තුළ තවත් ඉහළ යනු ඇති බවද පැවසූ ඔහු දැනට සිදුකර ඇති සමීක්ෂණ වාර්තා අනුව ම් ප්රදේශවල මෙම ප්රතිශතයට වඩා වැඩි ඡන්ද ප්රමාණයක් ලැබෙනු ඇති බවද කියා සිටී.
මෙවර ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ෙන් අපේක්ෂක අනුර දිසානායක මහතාගේ මැතිවරණ මෙහෙයුම පිළිබඳව කළ විමසීමකට ප්රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.