Local

මිරිදිය මසුන් හා ඉස්සන් වගාව කුඩා පරිමාණ වැව් ආශ්‍රිතව ප්‍රචලිත කරයි

Wednesday, 24 January 2024 - 8:54 pm

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) මඟින් ක්‍රියාත්මක කරන මිරිදිය මත්ස්‍යයන් හා ඉස්සන් වගාව කුඩා පරිමාණ වැව් ආශ්‍රිතව ප්‍රචලිත කිරීමේ වැඩසටහන ඊයේ (23) පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වතුපොල වැවේදී ආරම්භ විය.

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය(SARP) සඳහා මූල්‍යාධාර සපයන කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලේ (IFAD ) ශ්‍රී ලංකා හා මාලදිවයින් කලාපීය අධ්‍යක්ෂ ශෙරිනා තබසම් මහත්මියගේ සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ ගයාන් මල්ලවතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරුණි.

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, මාතලේ, මන්නාරම, වව්නියාව දිස්ත්‍රික් වලට අයත් තෝරාගත් කුඩා පරිමාණ වැව් 72ක මිරිදිය මත්ස්‍යයන් හා ඉස්සන් වගාව ප්‍රචලිත කිරීමට මෙම වැඩසටහන මඟින් අපේක්ෂිතය.

මිරිදිය ධීවර ක්‍රියාකාරකම්වල තිරසාර බව පවත්වා ගැනීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

මෙම ව්‍යාපෘතිය සඳහා කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලෙන් (IFAD ) මූල්‍යාධාර සපයන අතර ජාතික ජලජීවි වගා අධිකාරියේ (NAQDA) සහයෝගය හා අධීක්ෂණය යටතේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) මඟින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

 
 
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT