Local

මහජන ආරක්ෂක කමිටු ලබන 20 වැනිදාට පෙර පිහිටුවන ලෙස පොලීසියට දැනුම්දීමක්

Friday, 23 May 2025 - 9:41 am

ලබන මස 20 වැනිදාට පෙර මහජන ආරක්ෂක කමිටු පිහිටුවා අවසන් කළ යුතු බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පොලීසියට දැනුම් දී තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයා විසින් එය සියලු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරින්ට දැනුම් දි ඇති බවයි අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ.

වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් දිවයින පුරා මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට අදාළ චක්‍රලේඛය පසුගිය අප්‍රේල් මස 08 වැනිදා නිකුත් කිරීමට පියවර ගෙන තිබුණා.

මේ යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමක්ම අවාරණය වන පරිදි මහජන ආරක්ෂක කමිටු 14022ක් පිහිටුවීමට නියමිත අතර, පොලීසිය හා මහජන සබඳතා ශක්තිමත් කරමින් සාමය ආරක්ෂා කිරීම, අපරාධ හා මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීම හා ආගමික සමගිය තහවුරු කිරීම ඇතුළු කරුණු ගණනාවක් මෙම කමිටු පිහිටූවීමෙන් සපුරා ගැනීමට පොලීසිය අපේක්ෂා කරන බවයි සඳහන් වන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT