Local

මන්ත්‍රීලාට රජයෙන් වාහන දීම අත්හිටුවයි.. බලපත‍්‍රයත් නෑ.. තෙල් කෝටාවක් විතරයි..

Monday, 02 December 2024 - 9:45 pm

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහනයක් ලබාදීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටවු ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තම කටයුතු සඳහා නිල වාහනයක් වෙනුවට ඔවුන්ගේ පුද්ගලික වාහන වලට ඉන්ධන කෝටාවක් ලබා දීමට අවධානය යොමු කර තිබේ.

නමුත් අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට නිල වාහනයක් ලබා දීමට පැවති තීරණය එලෙසම ක්‍රියාත්මක වෙයි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණක් රජයෙන් වාහනයක් ලබාදීමට විරුද්ධ පක්ෂයෙන්ද දැඩි විවේචන එල් වූ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වාහනයක් ලබා දෙන්න නම් ඒ හා සමාන වාහනයක් තමන්ටද ඉල්ලා සිටින බව විපක්ෂ මන්ත්‍රීවරු සඳහන් කර තිබින.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා බදු නිදහස් වාහන බලපත්‍රය ලබා දීමේ මෙතෙක් පැවති ක්‍රමවේදය අත්හිවීමට නව රජය තීරණය කර ඇති අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව නුදුරේදීම ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT