Local

මහින්ද රාජපක්ෂ ලබාගත් හැම ණයකටම මහ පොළොවට වටිනාකමක් දුන්නා - නාමල්

Saturday, 02 March 2024 - 8:31 am

එදා අග්‍රමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ 2020 වසරේ ණය බරින් රට නිදහස් කිරීමට කටයුතු කරන බවට සඳහන් කළ ප්‍රකාශය මේ වන විට 2047 දක්වා ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරය භාරගන්නා අවස්ථාවේ දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන ආර්ථිකය ලංකාව වූ බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පොලී අනුපාත හා විරැකියා ප්‍රතිශතය තනි ඉලක්කමකට තිබූ බවත් ඉන් අනතුරුව යහපාලන ආණ්ඩුවෙන් පසු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයට භාර ගැනීමට සිදුවූයේ 2% කට වඩා අඩු ආර්ථික වර්ධන වේගයක් සහිත රටක් බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

සංවර්ධනය නොකර ජාතික සම්පත් විකුණමින්, එහෙත් ISP ණය ලබාගත් ආර්ථිකයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයට භාර ගැනීමට සිදුවූ බවත්, මහින්ද රාජපක්ෂ ලබාගත් හැම ණයකටම සාධාරණීකරණයක් සිදුකළ බවත්, ඒ හැම ඩොලරයකට මහ පොළවට වටිනාමක් ලබාදුන් අතර නමුත් යහපාලන ආණ්ඩුව ලබාගත් ණයවලට මහ පොළවට කිසිඳු වටිනාමක් ලබා නොදුන් බවද ඔහු සඳහන් කළා.

සංචාරක ව්‍යාපාරය කඩා වැටීමට පටන් ගත්තේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයත් සමඟ වන අතර එයට යහපාලන ආණ්ඩුව වගකිව යුතු බවත්, ඔවුන් රට වැට්ටවීම නිසා කොව්ඩ්වලට මුහුණදීමටද නොහැකි තත්ත්වයට ආර්ථිකය පැමිණි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළා.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT