Local

කුඹුරු අස්වැන්න නෙළීමේ 290 වැනි මංගල්‍යය නල්ලූර් කෝවිලේදී

Friday, 26 January 2024 - 8:03 am

යාපනයේ ඓතිහාසික නල්ලූර් කෝවිලේ කුඹුරුවල අස්වැන්න නෙළීමේ 290 වැනි වසරේ චාරිත්‍රය පෙරේදා (24) සුබ මොහොතින් යාපනයේ මරවන්පිලව් කුඹුරු යායේදී සිදු වුණි.

නල්ලූර් කෝවිල සතුව කුඹුරු අක්කර 107ක් ඇති අතර, ඒවා කෝවිලේ සතර දිග්භාගයේම පිහිටා ඇත. නල්ලූර් කෝවිලේ ප්‍රධාන පූසාරිවරයා මෙම කුඹුරු යායේ මුලින්ම නෙළන වී අස්වැන්න සහල් බවට පත් කොට කිරිබත් පිස නල්ලූර් කෝවිලේදී කතරගම දෙවියන් වෙනුවෙන් පූජා කිරීම අතීතයේ සිට පැවත එන චාරිත්‍රයකි. මෙවර එම චාරිත්‍රයේ 290 වැනි වසර සමරනු ලැබූ අතර, ජනවාරි මාසයේ පළවෙනි පූජාව වශයෙන් පවත්වන එම පූජාව ‘ බුදීර් දින පූජාව ‘ ලෙස හින්දු බැතිමතුන් ව්‍යවහාර කරයි. මෙම මංගල අස්වැන්න නෙළීමේදී අනුගමනය කෙරෙන තවත් පුරාණ චාරිත්‍ර රැසක් කුඹුරු යායේදි සිදු කරනු ලබයි. අස්වැන්න නෙළීම ආරම්භ කිරීමට පෙර හින්දු ස්තෝත්‍ර ගායනාකොට අස්වැන්න නෙළා අවසන් වන තුරුම එම ගායනා පැවැත්වීමත්, උදෑසන හිරු නැඟීමට පෙර අස්වැන්න නෙළීම ආරම්භ කිරීමත්, එම ස්ථානයේදීම හිරුට නමස්කාර කිරීමත්, එම පුරාණ චාරිත්‍ර අතර ප්‍රධාන තැනක් ගනියි.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT