Local

අවබෝධයෙන් වැඩකරනවාද? නීතියට වැඩකරනවාද? ජනපති හාල් මෝල් හිමියන්ගෙන් අසයි

Wednesday, 23 October 2024 - 8:49 pm

වෙළෙඳපොළේ හාල් හිඟයක් පැවැතියත් රට තුළ හාල් හිඟයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අද (23) පැවැති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.

'මම ඊයේ හාල් මෝල් හිමියන් හමුවුණා. රටේ සහල් හිඟයක් නැහැ. මේ හදන්නේ කෘතීම හාල් හිඟයක් අපි ඒ අයට දැනුම්දුන්නා මෝල් හිමියන් අවබෝධයෙන් වැඩකරනවාද? නීතියට වැඩකරනවාද?  අපේ පළමු කැමැත්ත අවබෝධයෙන් වැඩකිරීම. හැබැයි කවුරුහරි කෙනෙක් අවබෝධයෙන් වැඩ කරන්නේ නැත්නම් අපි නීතියෙන් වැඩ කරන්න ලෑස්ති කියලා කිව්වා. රටේ හාල් හිඟයක් නැහැ කඩේ හාල් හිඟයක් තිබුණට. රටේ හාල් හිඟයක් නැහැ හරි පැහැදිලීයි. ඒ නිසා පිටරටින් සංචාරක කර්මාන්තයට අවශ්‍ය හාල් ඇර වෙන එක හාල් ඇටයක් පිටරටින් ආනයනය කරන්නේ නැහැ. ඔබ වගා කරන්න. අපි ඔන්න ආරම්භයක් ලෙස හෙක්ටයාරයකට දීපු 15,000 දීමනාව පොහොර සහනාධාරය 25,000 දක්වා වැඩිකළා. වගාබිම්වලට බහින්න මේ රට ගොඩ නගන්න ඕනේ.'


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT