Local

ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටු අතර විවාදය ප්‍රථමයෙන් පැවැත්විය යුතුයි - හර්ෂ

Thursday, 04 April 2024 - 7:55 am

ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව අතර විවාදය ප්‍රථමයෙන් පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

විවාදයකට පැමිණෙන ලෙස ප්‍රථමයෙන් අභියෝග කළේ තමන් විසින් බවද, එම නිසා අනුර කුමාර දිසානායක හා සජිත් ප්‍රේමදාස අතර විවාදයට පෙර, පක්ෂ දෙකෙහි ආර්ථික කමිටු අතර විවාදය මුලින් පැවැත්විය යුතු බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ.

ඒ අවස්ථාවේ මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් යොමු කරමින් සඳහන් කළේ, ආර්ථික කමිටු අතර විවාදයට සිය පක්ෂයේ තිදෙනෙක් සූදානම් බව සුනිල් හඳුන්නෙත්ති තමාට ඒ මොහොතේ දුරකථනයෙන් දැනුම් දුන් බවත්, ඒ සඳහා සමගි ජන බලවේගයේ තිදෙනෙක් සූදානම් නම් අඟහරුවාදා රාත්‍රී 10.30ට දෙරණ නාලිකාවේ වාදපිටිය වැඩසටහනේ එය පැවැත්වීමට සූදානම් කළ හැකි බවයි.

ඊට පිළිතුරු ලබා දෙමින් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මාධ්‍ය සාකච්ඡාවට එක් වී සිටි කබීර් හෂීම් සහ එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරුන් සූදානම් දැයි ඔවුන්ගෙන් විමසා සිටි අතර, ඔවුන් සූදානම් යැයි පැවසූ පසු හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාද විවාදය සඳහා සූදානම් යැයි මාධ්‍යවේදියාට දන්වා සිටියා.


Top Stories
wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT