Local

නුදුරේ දීම ගුරු පත් වීම් 5000 ක්

Wednesday, 24 January 2024 - 9:20 pm

රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යා, ගණිතය, තාක්ෂණවේදය හා විශේෂ භාෂා යන විෂයන් සඳහා ගැසට් නිවේදන නිකුත් කර විභාග පවත්වා පන්දාස් පන්සීයක පමණ ගුරුවරුන් සංඛ්‍යාවක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවාගැනීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

එසේ ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන නියෝග අනුව දැනටමත් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් විසි දෙදහසකට ඉදිරියේ දී ගුරුපත්වීම් ලබා දීමට හැකි වන බව ද මෙහි දී පැවසූ අමාත්‍යවරයා ඊට අමතර ව පළාත් සභා මගින් ද දහතුන්දහස ඉක්මවූ ගුරුවරුන් සංඛ්‍යාවක් බඳවාගැනීම උසාවි නියෝග මත ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළේ ය.

ලබන පෙබරවාරි මස අග වන විට මෙම සියලු‍ ගුරු පත්වීම් ලබා දී ගුරු පුරප්පාඩු පුරවා ගුරු හිඟය පූර්ණ වශයෙන් ම මගහරවා ගැනීම තම අපේක්ෂාව වන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.


Top Stories
wedivistara

ලංකාවේ අලුත් රජය එක්ක සාකච්ඡාවකට එන අමෙරිකාවේ ලොක්කා

wedivistara

රාමනාදන් අර්චුනා අදත් පාර්ලිමේන්තුව කළඹයි.. ගුටි කෙලියක්..

wedivistara

රථවාහන නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා…

wedivistara

මහ මෝලුන් ඉවරයි.. ආනයන බලපත්‍ර නැතිව සහල් ආනයනයට අවසර..

wedivistara

තෙල් අඩු කරන්න බැරි නම් කෙලින් ඇත්ත කියන්න.. තවත් බොරු කියන්න එපා…

wedivistara

රජයේ සියළු සැප වාහන ඉවත් කරන්න කැබිනට් තීන්දුවක්..

Trending
wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT