Local

ස්වයං රැකියාවෙන් අත මිට සරු කර ගත් පොල්පිතිගම දිරිය කතුන්

Friday, 23 February 2024 - 10:53 am

වර්තමානයේ පවතින ආර්ථික රටාවත් සමඟ ජීවත්වීමට නම් ආදායම් මාර්ග කිහිපයක් සොයා ගත යුතු අතර, එවැනි ආදායම් මාර්ගයක් ලෙස ස්වයං රැකියාවල නිරත වූවන්ට අත දීමට කුරුණෑගල දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයට (නැප්සෝ) අනුබද්ධිත ප්‍රජා සහයෝගිතා සංසදය පියවර ගෙන තිබේ.

ඒ අනුව පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙමටගල, පොන්නිලව, බලගොල්ල සහ කොරකහගොල්ල ගම්මානවල ජීවත්වෙන කාන්තාවන් විශාල පිරිසක් මේ සංසදය වටා ඒකරාශීවී සිටිති.

කහ, සියඹලා, තුන පහ ආදිය හොඳින් වේලා නිසි ලෙසට සකසාගෙන ඒවා පැකට් කර වෙළෙඳපොළට යොමු කිරීමත්, පන්, පොල් කොළ, තල් කොළ ආදිය උපයෝගි කරගෙන පන් කර්මාන්තය නවීන පන්නයට ගැලපෙන රටාවලින් හැඩ ගැන්වීමත් මේ කතුන් අතින් සිදු කෙරේ.

එවගේම පොල්පිතිගම ප්‍රදේශයේ කතුන් රසායනික පොහොර භාවිතයට තිත තබා කොම්පෝස්ට් පොහොරවලට යොමුවී ඇත. එම පොහොර නිෂ්පාදනයට අවශ්‍ය ජීව කොටු සැකසීමට පිරිමි පාර්ශ්වය නොමඳව සහාය දෙති. ප්‍රදේශයේ වැවෙන සියලුම එළවළුවලට මෙන්ම නිවෙසේ අලංකාර සඳහා සිටුවන ශාක වෙනුවෙන් මේ කොම්පෝස්ට් පොහොර භාවිතය සිදු කරයි.

එමෙන්ම දේශීය බීජ සංරක්ෂණය කර තබන්නට බීජ බැංකුවක් පොන්නිලව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇත. තම අස්වැන්නෙන් ගන්නා නව බීජවලින් කොටසක් මේ බීජ බැංකුවට භාර දීමට මේ ප්‍රදේශයේ පිරිස යොමුවී සිටිති. මේ බීජ බැංකුව හරහා දේශීය වගාව ව්‍යාප්ත කිරීමේ අරමුණින් සෑම කන්නයකම සුරක්ෂිත අයුරින් තබා ගත් බීජ ගොවීන් අතර බෙදා හරී. හඳුන්කූරු ව්‍යපෘතියක් ද ආරම්භ කරන්නට ද මේ පිරිස කටයුතු කරමින් සිටී.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රජා සහයෝගිතා සංසදයේ සම්බන්ධීකාරක සංජීව සම්පත් මහතා

“මීරිදිය ධීවර කර්මාන්තයටත් අත දෙනවා. මේ කටයුත්ත සිදු කිරීම ආරම්භ කළ මල් කාලයේදී දුෂ්කරතා රැසකට අපි මුහුණ දුන්නා. ඒ වෙනුවෙන් මාඑළිය විද්‍යාලයේ විදුහල්පති, මෙහි උපදේශක අජිත් රූපසිංහ, මෙම සංසදයේ (සජීවක) දිනත නිදුෂාන් මහත්වරුන් අපේ කණ්ඩායම විශාල සහයෝගයක් දුන්නා. අපි ගමින් ගමට ගිහින් ගම්මුන් දැනුවත් කරමින් සිුද කළ කාර්යය අද වන විට ඉතාම සාර්ථක මට්ටමට පැමිණ තිබෙනවා. මේ අය නිෂ්පාදනය කරන සියලු දේ ගමේ එක තැනකට ගෙනත් ඒවා සල්පිල් ක්‍රමයට වෙන්දේසි කරනවා. ලැබෙන මුදල් සමිතියේ ගිණුමක දා ගන්නවා. සියයට තුනක පොලියට රුපියල් 20,000ත් 50,000ත් අතරේ සාමාජික පවුල්වලට ණය දෙනවා. ඒ අතරේ තම නිපැයුම් පිටටත් විකුණා ආදායම් උපයනවා. මෙයින් ගමේ ආදායමත්, මුදලත් පිටතට යන්නේ නෑ.

හිත ඇත්නම් පත කුඩාද කියන්නා සේ අවශ්‍යතාව සහ කැපවීම ඇත්නම් අපට ඕනෑම දෙයක් කළ හැකි බව මේ දිරිය කතුන් රටටම පෙන්වා දී හමාරයි. මේ කර්තව්‍ය පොල්පිතිගමට වගේම ඈත පිටිසර ගම්වලටත් රැගෙන යෑමට අපි උත්සාහ කරනවා. මෙයින් වස විසනැති සෞඛ්‍ය සම්පන්න නිරෝගිමත් අනාගත පරපුරක් බිහි කිරීමට හැකි වෙනවා. එයයි අපේ ඒකායන පැතුම.”


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT