Local

තහනම නොතැකූ සජබ පාගමනට පොලිසියෙන් ජල ප්‍රහාර-කඳුළු ගෑස්

Wednesday, 31 January 2024 - 9:59 am

සමගි ජන බලවේගය ඊයේ (30) කොළඹදී සංවිධානය කළ විරෝධතා පා ගමන අධිකරණ නියෝග කඩ කරමින් ගමන් කිරීමේදී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැරීමට කටයුතු කළේය.

කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදී ආරම්භ කළ විරෝධතාවට කොළඹ මහජන පුස්තකාලය සහ පුරහල අසලදී පොලිසිය මඟින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර රටේ ජනතාවට තිබෙන ආර්ථික පීඩනය අඩු කර ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසා දෙන්නැයි රජයට බල කරමින් කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල සිට “වෙනසක් හදන වසරක් 2024” යන මැයෙන් විරෝධතා පාගමන ආරම්භ කර තිබිණි.

විරෝධතාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකයන්, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන්, සමගි ජන බලවේගයේ සියලු කාන්තා හා තරුණ ශාඛා සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

විරෝධතාවට සහයෝගය පළ කරමින් ගොවීන්, ධීවරයන්, රාජය සේවකයන්, වෘත්තීය සමිති නියෝජිතයන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

එම විරෝධතා පාගමන තහනම් කරමින් මාලිගාකන්ද සහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණවලින් පොලිසිය තහනම් නියෝග ලබාගෙන තිබිණි.

විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ මහ නගර සභාව ආශ්‍රිත ප්‍රධාන මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක් ඇති වී තිබිණි.

විරෝධතාවට එක්ව සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ජල ප්‍රහාරයට ලක්වූ අතර හිටපු පාර්ලිමේන්තු දූෂණ විරෝධී බලවේගයේ ජාතික සංවිධායක මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා ඇතුළු අට දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි. ඇමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත නිලධාරියකු ද ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.

කොළඹ නගර සභා පිටියට රැස්වූ විරෝධතාකරුවන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අමතනු ලැබීය.

විරෝධතාව මැඬපැවැත්වීම සඳහා පොලිසිය මඟින් එල්ල කරන ලද කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (30) පස්වරුවේ කොළඹ ජාතික රෝහලට පැමිණියේය.

එහිදී විපක්ෂ නායකවරයා විසින් විරෝධතාව අතරතුර තුවාල ලැබූ මන්ත්‍රීවරුන් සේම පාක්ෂිකයන්ගේ සුවදුක් සොයා බැලීමට කටයුතු කර තිබිණි.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT