මෙම වසරේ සැප්තැම්බර් දක්වා ගත වූ මාස නවයක කාලයේදී ඊශ්‍රායල සංචාරකයන් 20,515 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව මේ බව හෙළි වෙයි.
මේ වන විට මෙරට රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයන් ප්‍රමාණය පන්සිය හැත්තෑ පස්දෙනෙකු බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පසුගිය 24 වනදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
මෙරටට පැමිණෙන ඊශ්‍රායල ජාතික සංචාරකයන් ආරුගම්බේ ඇතුළු වෙරළාසන්න ප්‍රදේශවල සංචාරය කිරීමට වැඩි නැඹුරුතාවයක් දක්වන බව සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.