Local

නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘති සාර්ථක කර ගැනීම රටේ ණය අර්බුදය පියවා ගැනීමට ප්‍රමාණවත්

Wednesday, 20 March 2024 - 7:32 am

  • රට ගොඩගත හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණයි – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත නැගෙනහිර පළාත වෙනුවෙන් සැලසුම් කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාවට නැඟීම රටේ ණය අර්බුදය පියවා ගැනීමට ප්‍රමාණවත් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් පැවසීය.

රට ගොඩගත හැකි එකම නායකයා වත්මන් ජනාධිපතිවරයා පමණක් බැවින් ඔහුට සහය දැක්වීම සියලු පාර්ශ්වයන්ගේ යුතුකම බව ද අවධාරණය කළේය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා මෙසේ ද පැවසීය,

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත අප මේ වන විට නැගෙනහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. තවත් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. වසර තිහක යුද්ධයෙන් පීඩාවට පත් වූ පළාතක් ලෙස නැගෙනහිර පළාත මෙරට අනෙකුත් පළාත්වලට සාපේක්ෂව සංවර්ධනයේ පසුබෑමකට ලක් වුණා.

එබැවින් මේ පළාතට අයත් දිස්ත්‍රික්ක තුන සංවර්ධනය කිරීම සඳහා වැඩි අවධානයක් ලබා දී කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා මට උපදෙස් ලබාදී තිබෙනවා. එහිදී ආර්ථික වශයෙන් රටටම දායක වන පළමු පළාත ලෙස නැගෙනහිර පළාත සංවර්ධනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත විවිධ ව්‍යාපෘති සැලසුම් කර ක්‍රියාවට නඟමින් තිබෙනවා.

මේවන විටත් නැගෙනහිර පළාත සංවර්ධනය සඳහා තිබෙන විභවයන් අප හඳුනාගෙන තිබෙනවා. ඉස්සන් වගාව, ඛනිජ සම්පත්, වරාය, ගුවන් තොටුපළ, ජල සම්පත, සංචාරක කර්මාන්තය සහ කෘෂි නවීකරණය, ඉඩම් දියුණු කිරීම ඒ අතර විශේෂයි.

ඒ වගේම තවත් සම්පත් රාශියක් නැඟෙනහිර පළාත සතු නිසා ඒවා නිසි ලෙස කළමනාකරණය කරගනිමින් සංවර්ධන කටයුතු වෙනුවෙන් යොදා ගත යුතුයි. එහිදී ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල මූල්‍යමය දායකත්වයක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා. ජනාධිපතිවරයාගේ උපදෙස් මත නැගෙනහිර පළාත වෙනුවෙන් සැලසුම් කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීම රටේ ණය පියවීමට ප්‍රමාණවත් බව කිව යුතුයි.

කඳුකර ජනතාවගේ වැටුප් ප්‍රශ්නය සම්බන්ධයෙන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුව තිබෙනවා. එහිදී ජනාධිපතිවරයාගේ ස්ථාවරය වන්නේ වතුකර ජනතාවට සාධාරණ වැටුපක් ලබාදිය යුතු බවයි. ඒ සඳහා වතු සමාගම් සමඟ සාකච්ඡා කරනවා. සාමාන්‍යයෙන් වසර දෙකකට වරක් වැටුප් වැඩිවීම් ලබාදිය යුතුයි. මේ කාරණය මේ වන විට පඩි පාලක සභාව වෙත යොමු කර තිබෙනවා. ඒ වගේම වතු සමාගම් ද ඔවුන්ගේ යෝජනා ලබා දී තිබෙනවා. වැවිලි කර්මාන්තය විදේශ විනිමය සමඟ සම්බන්ධ විය යුතුයි. ඒ නිසා ඩොලරයේ අගය වැඩිවීම සමඟ දේශීය ජීවන වියදම අනුව වැටුප සකස් කළ යුතුයි.

ඒ වගේම අපේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ බව පැවසිය යුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබාගෙන මාස කිහිපයක් තුළ අප රට යථාතත්ත්වයට පත් කළා. අනාගතයේ කවුරු ජනාධිපති වුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වෙනස් කළ නොහැකියි. ආර්ථික අර්බුදයට ලක්ව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය නොලැබූ රටවල් තවමත් යථා තත්ත්වයට පත්වී නැහැ.

එබැවින් රට ගොඩගත හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණක් බැවින් ඔහුට සහය දැක්වීම සියලු පාර්ශ්වයන්ගේ යුතුකම බව අවධාරණය කළ යුතුයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT